තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්‍රයත් චාන් ඕ චා ඇතුළු දූත පිරිසක් දෙදින නිල සංචාරයක් සඳහා අද (12) මෙරටට පැමිණ ඇත.++
තායිලන්ත ගුවන් හමුවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි එම දූත කණ්ඩායම අග්‍රාමාත්‍ය ආර්යාව ඇතුළු 40 දෙනෙකුගෙන් සමන්විතය.
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන සරත් ෆොන්සේකා , වජිර අබේවර්ධන , ෆයිසර් මුස්තාපා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර තායිලන්ත දූත පිරිස 13 වැනිදා මෙම සංචාරය නිමා කර ආපසු යෑමට නියමිතය .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
