Image

ශ්‍රී ලංකන් ගුවන් ටිකට්පත්වලට 50%ක වට්ටම් දෙන මුවාවෙන් කෝටි ගණනක මහා පරිමාණ ඇප් වංචාවක්!

ශ්‍රී ලංකන් ගුවන් ටිකට්පත්වලට 50%ක වට්ටම් දෙන මුවාවෙන් කෝටි ගණනක මහා පරිමාණ ඇප් වංචාවක්!

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ටිකට්පත් සඳහා සියයට පනහක (50%) ප්‍රතිලාභයක් ලබා දෙන බවට ප්‍රචාරය කරමින්, ජනතාවගේ මුදල් සොරකම් කිරීමේ මහා පරිමාණ ජාවාරමක් අනාවරණය කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කරුණු දක්වමින් පැවසුවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය අධිකරණයට පැවැසුවේ , ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිල ලාංඡනය අවභාවිත කරමින් කූට ලෙස සැකසූ පරිගණක මෘදුකාංගයක් (App) මගින් මෙම වංචාව සිදුකර ඇති බවයි. ගුවන් සමාගමේ ප්‍රකට මොණර ලාංඡනයට සමාන පරිගණක තිරයක් (Screen) භාවිත කරමින් ජනතාව අතර මෙම ඇප් එක ප්‍රචලිත කර ඇති අතර, එහි ලියාපදිංචි වීම සඳහා රුපියල් 250ක මුදලක් අය කරගෙන තිබේ.

බැංකු තොරතුරු සොරකම් කළ සූක්ෂම ක්‍රමය

අදාළ මෘදුකාංගය තුළ ලියාපදිංචි වීමෙන් අනතුරුව, මෘදුකාංගය හරහා පාරිභෝගිකයා විසින් තම පෞද්ගලික තොරතුරු ඇතුළත් කළ පසුව පාරිභෝගික දත්ත සොරකම් කරමින් බැංකු ගිණුම්වලට ප්‍රවේශ වී මෙම වංචාව සිදු කර ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

තමන්ගේ බැංකු ගිණුම් අංක ඇතුළු රහස් දත්ත වංචාකරුවන් විසින් ලබාගෙන ඇති බව අගතියට පත් පාරිභෝගිකයින් නොදන්නා බවත්, ඔවුන් දන්නේ තම ජංගම දුරකථනය අධික ලෙස රත් වී බැටරි ආයු කාලය වේගයෙන් අඩුවන බව පමණක් බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට පැවැසුවා.

විමර්ශන සහ අත්අඩංගුවට ගැනීම්

මෙම වංචනික මෘදුකාංගය මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයන් අනාවරණය කරගැනීම සඳහා තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

එමෙන්ම, අදාල වංචාව සිදු කිරීමට  තමන්ගේ බැංකු ගිණුම් මුදලට විකුණු ශ්‍රී ලාංකික පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවද වැඩිදුරටත් සදහන් කළහ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න