කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට රුපියල් මිලියන 10ක් වටිනා CT Scan යන්ත්රයක් මිලදී ගන්නා බව පවසමින් සිදුකරන ලදැයි කියන මූල්ය අක්රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) අධිකරණයට දැනුම් දී තිබේ.
කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන හමුවේ මෝසමක් සහ වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් පොලීසිය මගින් මේ පිළිබඳව කරුණු වාර්තා කර ඇත.
මෙහිදී හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, ඩී.එස්.කේ.එස්. කුමාරි සහ කේ.එච්. නිරෝෂා යන අයට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා ගොනුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවත් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්රකාශ කර සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්රාත්වරයා, අදාළ විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට වාර්තා කරන ලෙස පොලීසියට නියෝග කළ අතර, එතෙක් අදාළ නඩුව බහා තැබීමට නියම කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
