අපට උවමනා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් බවත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී නායකයා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති බවත් එතනින් එහා ලෝකයක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමග ඔහුගේ නිල නිවසේ පැවති සාකච්ජාවකින් පසු පිටව යන අතරේ ''ඒකාබද්දයේ මීලග ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ගෝටාභය රාජපක්‍ෂ මහතා ගෙන එන්නේදැයි'' මාධ්‍යවේදීන් විමසු අවස්ථාවේදී පිලිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට එන්නේ නම් පමණක් ඔහුට ජනාධිපති වීමට හැකි වනු ඇතැයිද කී මන්ත්‍රී වෙල්ගම මහතා, රාජ්‍ය නායකයා වෙන කිසිවෙකු නොව මහින්ද රාජපක්‍ෂ මහතා පමණක් විය යුතු යයිද පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
