Image

නිව් රත්න සහල් පුද්ගලික සමාගමට රුපියල් ලක්ෂ 10ක (1,000,000/-) දඩයක්

නිව් රත්න සහල් පුද්ගලික සමාගමට රුපියල් ලක්ෂ 10ක (1,000,000/-) දඩයක්

2022 වර්ෂයේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නාඩු සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල (රු. 220/-) ඉක්මවා, රතු නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 225/- බැගින් සටහන් කර අලෙවි කිරීම සඳහා වෙළෙඳපොළට සැපයීමෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධාන උල්ලංඝනය කළ පොළොන්නරුවේ “නිව් රත්න සහල් පුද්ගලික සමාගම (New Rathna Rice Pvt Ltd)” සහ එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරන ලද නඩුවට අදාළව අධිකරණය විසින් එම සමාගම වරදකරු කර රුපියල් ලක්ෂ 10ක (1,000,000/-) දඩයක් නියම කර ඇත.

ඊයේ (2026 අගෝස්තු 06) මෙම නඩුව පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අතර, එහිදී ලබාදුන් තීන්දුව අනුව විත්තිකාර නිව් රත්න සහල් පුද්ගලික සමාගම අදාළ චෝදනාවට වරදකරු කිරීමට ගරු මහෙස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.

සහල් ඇතුළු පාලන මිල පනවා ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නියමිත උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිල ගණන් සඳහන් කර අලෙවි කරන හෝ සැපයුම් කරන නිෂ්පාදකයින් සහ වෙළෙඳුන් පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික අධිකාරිය වෙත දැනුම් දෙන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න