පතිනායක ඉවත් කරන්න පොලිස් කොමිසමේ අනුමැතිය

පතිනායක ඉවත් කරන්න පොලිස් කොමිසමේ අනුමැතිය

පොලිස් පරිපාලන අංශය භාර වැඩ බලන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කළ ලලිත් පතිනායක ජාතික පොලිස් කොමිෂන් සභාව විසින්  විනය ක්‍රියාමාර්ගයකට යටත්ව එම තනතුරෙන් ඉවත් කරනු ලැබ ඇත.


කෙසේ වෙතත් පතිනායක තවදුරටත් මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ  තවදුරටත් කටයුතු කරනු ඇත.

අදාළ ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරය සඳහා බස්නාහිර පළාත්  භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පත් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී  ඇත.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විදෙස් සංචාරයක නිරතව සිටින හෙයින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න වැඩ බලන පොලිස්පති ධූරයේද මේ දිනවල කටයුතු කරන්නේය.



(lankadeepa- සුජිත් හේවාජුලිගේ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න