මුදල් ඇමති ලෙස ජනාධිපති අනුර දිසානායක විසින් 2026 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මත වී තිබේ.
ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 160ක්ද විරුද්ධව ඡන්ද 42ක්ද ලැබී ඇත.
මන්ත්‍රීවරු 08 දෙනෙකු ඡන්දය භාවිතා කර නොමැත.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2026) දෙවැනි වර කියවීම පාර්ලිමේන්තුවේදී අද (14) පස්වරුවේ වැඩි ඡන්ද118කින් සම්මත විය.
විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 160ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 42ක් පමණි.
මන්ත්‍රීවරු 8 දෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ. ඒ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු වෙති.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ සෙසු මන්ත්‍රීවරු, ජීජී පොන්නම්බලම්, රාමනාදන් අර්චුනා, රිෂාඩ් බදියුදීන්, සර්ව ජන බලය නායක දිලිත් ජයවීර යන මහත්වරු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු සහ මනෝ ගනේෂන් පලනි දිගම්බරම් සහ වී .රාදක්‍රිෂ්ණන් යන මහත්වරු වෙති
අයවැය දෙවැනි වර කියවීමේ විවාදයදින හයක් පැවැත්විණ. විවාදය ආරම්භ වූයේ පසුගිය 8 වැනිදාය. අයවැය විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 7 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.
අයවැය තෙවැනි වර කියවීමේ විවාදය (කාරක සභා අවස්ථාවේ විවාදය) හෙට (15) ආරම්භ කෙරුණ අතර එම විවාදය දෙසැම්බර් මස 5 වැනිදා දක්වා පැවැත්වේ.
අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම (අවසන් ඡන්දය) දෙසැම්බර් 5 වැනිදා පස්වරුවේ පැවැත්වේ.
මෙය මාලිමා රජයේ දෙවැනි අයවැයයි. එසේම ශ්‍රී ලංකාවේ 80 වැනි අයවැය ලේඛනයයි.

