මාලිමාව පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි - සජබ මන්ත්‍රිනියගේ ඡන්දයෙන් තණමල්විල නූලෙන් බේරෙයි

මාලිමාව පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි - සජබ මන්ත්‍රිනියගේ ඡන්දයෙන් තණමල්විල නූලෙන් බේරෙයි

ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය අද (14) වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්වුණි.

කෙසේවෙතත් එහිදී පොදුජන එක්සත් පෙරමුණේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

එහිදී ජාතික ජන බලවේගයේ සභිකයින් 7 දෙනා සහ පොදුජන එක්සත් පෙරමුණේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

විපක්ෂය නියෝජනය කරන සෙසු සභිකයින් 12 දෙනා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් වැඩි ඡන්ද 4කින් අයවැය පරාජයට පත්වුණි.

සභාපතිගේ තීරක ඡන්දය වැඩ කරයි

මේ අතර තණමල්විල ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මත වී තිබේ.

අයවැයට පක්ෂව ඡන්ද 17ක් සහ විපක්ෂව ඡන්ද 17ක් ලැබී තිබූ අතර සභාපතිවරයාගේ තීරණාත්මක ඡන්දයෙන් අයවැය සම්මත වී ඇත.

මෙහිදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරියක් අයවැයට පක්ෂව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයකි.

එලෙස සජබ මන්ත්‍රීවරිය ඡන්දය භාවිත කිරීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක්ද ඇතිව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න