දේශීය අල සහ ලූනු ගොවිය රැක ගැනීමට කටයුතු නොකරන්නේ යැයි චෝදනා කරමින් නුවරඑලියේ එළවලු අලෙවියෙන් සහ ප්‍රවාහනයෙන් අද (10) දින වැළකී සිටින බව නුවරඑලිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති තරිදු රත්නායක පැවසීය.
මේ රටේ අල ගොවීන් සහ බී ලූණු ගොවියන් තම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව සිටියදී ආනයනික අර්තාපල් සහ බී ලූණු සදහා දේශීය ගොවියා රැක ගැනීමට සරිලන බද්දක් අය නොකිරිමට විරෝධය දැක්වීමක් වශයෙන් මෙම ක්‍රියාමාර්ගයට එළබෙන බව තරිදු රත්නායක නුවරඑලියේ පැවැති මාධ්‍ය හමුවක් දී මේ බව පැවසීය.
රජයට ඊට විරෝධය දැක්වීමක් වශයෙන් නුවරඑලියේ එළවලු ගොවීන් සහ එළවලු ගොවිතැනේ නියැලී සිටින සියලුම පාර්ෂවයන් තම දෛනික කටයුතු වලින් ඉවත් වන බව ඔහු පැවසීය.
(රංජිත් රාජපක්ෂ - lankadeepa)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
