පරිපූරක වෛද්‍ය සේවාවට අයත් විකිරණ තාක්ෂණවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ,වෘත්තීය චිකිත්සක භෞතචිකිත්සක, ඖෂධවේදී, කථන චිකිත්සක, ශ්‍රවණවේදී වෘත්තීය කණ්ඩායම් හතෙහි සුවිශේෂී නිලධාරීන් හිඟයක් පැවතීම හේතුවෙන් දිවයින පුරා රෝහල්වල එම නිලධාරීන් විසින් සිදුකරනුු ලබන සේවාවන්හි අඩාල වීමක් මේ වන විට උද්ගතවී ඇත.
15% සිට 35% දක්වා බරපතළ සේවක හිඟයක්
සමස්තයක් ලෙස ගත් කල අනුමත සේවක සංඛ්‍යාවෙන් 15% සිට 35% දක්වා බරපතළ හිඟයක් පවතින අතර මෙම අනුමත සේවක සංඛ්‍යාව මීට වසර දහයකට පමණ පෙර අනුමත වූ අගයක් වන වර්තමාන රෝහල් පද්ධතියේ අවශ්‍යතාවය සැලකුවහොත් එම අගය කිහිපගුණයකින් වැඩිවනුු ඇත.
සේවක හිඟයට හේතු
අවස්ථා ගණනාවක දී ම මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර ඇතත් මේ වනතෙක් මේ සම්බන්ධව සාධනීය මැදිහත්වීමක් සිදු නොකිරීම කණගාටුවට කරුණක් වී ඇත. විශේෂයෙන්ම පසුගිය කාලය පුරා සහ මේ වන විටත් මෙම සේවාවල නිරත වන නිලධාරීන් ඉතා සීඝ්‍ර අන්දමින් විදෙස්ගත වීම සහ සේවයෙන් ඉවත්වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත. එසේම දැනට උපාධිධාරීන්ගේ බඳවා ගැනීම් අඩාල වීම හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් බරපතළ වී ඇත.
සේවාවට නිලධාරීන් ආකර්ෂණය කර ගැනීම බරපතළ ගැටලුවක්
විශේෂයෙන්ම මෙම සේවය අතහැර යන හෝ විදෙස් ගතවන නිලධාරීන් සේවාව තුළ රඳවා ගැනීම සඳහා ඔවුන්ට සුදුසු සේවා තත්ත්වයක් නිර්මාණය කිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වූවත් ඒ සඳහා කිසිදු විධිමත් වැඩ පිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන තෙක් ක්‍රියාත්මක කර නොමැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
