ඩයනා ගමගේට එරෙහි නඩුවක සාක්ෂි විභාගය ඇරඹේ

ඩයනා ගමගේට එරෙහි නඩුවක සාක්ෂි විභාගය ඇරඹේ

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ විය.


විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇත.

ඒ අනුව අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර ඩයනා ගමගේ වෙත අධිකරණය විසින් චෝදනා කියවා දුන් අතර, එම චෝදනාවලට තමන් නිවැරදිකරු බව ඇය ප්‍රකාශ කළාය.

එහිදී රජයේ නීතීඥ අකිලා ධර්මධාතුගේ මෙහෙයවීම යටතේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරි හංසිකා කුමාරසිරිගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 15 දක්වා කල් තැබුණි.

2016 වසරේ ජුලි මස 14 වනදා සිට 2020 වසරේ නොවැම්බර් මස පළවනදා අතර කාලසීමාව තුළ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සහ විදේශ ගමන්බලපත්‍රයක් ලබාගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍යය තොරතුරු ලබාදීම තුළින් ආගමන හා විගමන පාලක පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයාගේ උපදෙස් මත චෝදනා 07ක් යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න