කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ පොලීසිය ලබා දුන් ආරක්ෂාව පිළිබඳව මාධ්‍යයට පොලිස්පතිවරයා කළ ප්‍රකාශය සමගි ජන බලවේගයේ අවධානයට යොමුව තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ දේශපාලනික නොවන කරුණු කාරණා මත මන්ත්‍රීවරයාට තර්ජන එල්ල වී ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් කරනු ලබන ප්‍රකාශය තුළ මන්ත්‍රීවරයා වෙනත් අනීතික ක්‍රියාවකට හෝ පෞද්ගලිකව ඉස්මතු වූ ක්‍රියාවකට හෝ තර්ජනයක් එල්ල වී ඇති බව හැඟේන බවය.
එය කුමක්දැයි නිවැරදිව ප්‍රකාශ කිරීම පොලිස්පතිවරයාගේ වගකීමක් වන බවත් එසේ නොමැතිව වක්‍රෝත්තියෙන් ප්‍රකාශ සිදු කිරීම තුළ මහජන සේවාවේ නිරත මන්ත්‍රීවරයෙකුට සිදු කරනු ලබන අපහාසාත්මක ප්‍රකාශයක් ලෙස එය සිය පක්ෂය විසින් තරයේ හෙලා දකින බවත් එහි සදහන් කර තිබේ.
පොලිස්පතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට..?
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ට පාතාල සබඳතා ඇතැයි මාධ්‍යට ප්‍රකාශ කළ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවා ඒ සම්බන්ධව ප්‍රශ්න කළ යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, විපක්ෂ නායක සජීත් ප්‍රේමදාස ට
දැනුම්දී තිබේ.
ජගත් විතාන මන්ත්‍රීවරයාට දැනට තාවකාලික ආරක්ෂාවක් ලබා දී ඇති නමුත් මෙම තර්ජනය ගොඩනැගී ඇත්තේ මන්ත්‍රීවරයා සංවිධානාත්මක අපරාධවලට යම් සම්බන්ධ පුද්ගලයන් සමඟ සහසම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන් බව පොලිස්පතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය.
මෙම තර්ජනය මතු වී ඇත්තේ මහජන දේශපාලන කටයුතුවල නිරත වීමට යාම නිසා නොව, යම් යම් කූට ව්‍යාපාර සහ ජාවාරම්කාර පුද්ගලයන් සමඟ සහසම්බන්ධ වීමෙන් බව දැනට අනාවරණය වී ඇතැයි ද පොලිස්පතිවරයා පැවසිය.
වීඩියෝ
මහජන නියෝජිතයෙකුට මේ ආකාරයට පදනම් විරහිතව චෝදනා නැගීම සම්බන්ධයෙන් සිය පක්ෂය බලවත් විරෝධය පළ කරන බවද නාමල් රාජපක්ෂ, විපක්ෂ නායකවරයා වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ඒ සමග විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතික මන්ත්‍රීවරයා ගෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉල්ලීමක් කර ඇත්තේ මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට වහාම පක්ෂ නායක හමුවක් කැඳවන ලෙස කතානායකවරයා ගෙන් ඉල්ලා සිටින ලෙසයි.
රජයේ ආරක්ෂාක අංශ ප්‍රධානියකු ලෙස මේ ආකාරයට මහජන නියෝජිතයින්ට ප්‍රසිද්ධියේ අභූත චෝදනා නැගීමෙන් පොලිස්පතිවරයා වැරදි පූර්වාදර්ශයක් සපයා ඇති බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

