නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : ව්‍යාජ Whatsapp සමූහ ජාලයක් පිළිබඳ දැනුම් දීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : ව්‍යාජ Whatsapp සමූහ ජාලයක් පිළිබඳ දැනුම් දීමක්

"නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව" මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, කිසියම් කණ්ඩායමක් විසින් Whatsapp සමූහ ජාලයක් පවත්වා ගෙන යන බව නිරීක්ෂණය වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මෙම Whatsapp සමූහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ එහි අනුදැනුම මත පවත්වාගෙන නොයන අතර එමගින් සිදු කරන කටයුතු කෙරෙහි අමාත්‍යාංශය කිසිදු වගකීමක් නොදරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

එමෙන් ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් පවත්වාගෙන යන මෙවැනි ව්‍යාජ සමූහවලට නොරැවටෙන ලෙසත්, ඒ පිළිබඳ අවධානයෙන් පසු වන ලෙසත් එම නිවේදනය මගින් ඉල්ලා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න