පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් පසුගිය14වන දා සිදුකළ විශේෂ වැටලීමක දී, රුපියල් 400ක පාලන මිල පැවති FBC පරීක්ෂාවක් සඳහා මෙම රෝහල මඟින් රුපියල් 550ක මුදලක් අය කිරීමේ චෝදනාව අනාවරණය කරගත්තේ ය.
මෙම නඩුව පසුගිය 28වන දා වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ගරු අධිකරණය විත්තිකාර රෝහල් සමාගමට රුපියල් 500,000/- (ලක්ෂ පහක) දඩ මුදලක් නියම කිරීමට පියවර ගත්තේ ය.
පාරිභෝගිකයින් සූරාකමින් පාලන මිල ඉක්මවා ගාස්තු අය කරන පෞද්ගලික රෝහල් හෝ රසායනාගාර පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
