ශ්‍රී ලංකාව පුරා සැලකිය යුතු ලෙස පැතිර යන ඩෙංගු ව්‍යාප්තියට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය සමග එක්ව, මහජන සෞඛ්‍ය පළිබෝධ පාලන සහ වාහක-සම්ප්‍රේෂිත රෝග ප්‍රතිචාර වැඩසටහනක් ආරම්භ කර ඇත.
එමගින් ඩෙංගු රෝගය වැළැක්වීම, කල්තියා හඳුනාගැනීම සහ ඊට කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරයි.