ගල්ගමුව ප්රදේශයේ සැරිසරන කාවන්තිස්ස ඇතා ගේ පාදයකට වෙඩි වැදී ඇති බවට සැක පළ වී ඇති අතර, පාදයේ දණහිස ආශ්රිතව ඉදිමීමක් හේතුවෙන් ඇතාට ඇවිදීමට අපහසු තත්ත්වයක් උද්ගත වී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් ඇතා ගේ ජීවිතය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබේ. සැප්තැම්බර් 21 සහ 22 අතර කාලය තුළ මෙම තුවාලය සිදුවන්නට ඇතැයි සැක කෙරෙන බවත්, ඇතා ගේ පාදයක දක්නට ලැබෙන ආබාධය හේතුවෙන් එය දැඩි වේදනාවකින් පසුවන බවත් පරිසරවේදීහු පෙන්වා දෙති. කෙසේ වෙතත්, ඇතාගේ තුවාලයට නිශ්චිත හේතුව සහ එහි බරපතළකම පශු වෛද්ය පරීක්ෂණයකින් තහවුරු කළ යුතු ය.