කොළඹ දිස්ත්‍රික්කය තුළ අනවසර ඉදිකිරීම් සඳහා අනුමැතිය දීම හෝ සංවර්ධනය කටයුතු මුවාවෙන් ජනතාව අවදානමේ හෙළන ජනාවාස ඉදිකිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා ය.
ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පුරුදු පාසල් විෂය නිර්දේශයට පමණක් සීමා නොවී, එය දරුවා ගේ ආකල්ප සහ චර්යාවන්හි කොටසක් බවට පත්විය යුතු යැයි අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා ය.
ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදි පක්ෂය යන පක්ෂ දෙක ම එක ම සමාජ මූලයකින් පැවත එන පක්ෂ දෙකක් බවත්, මේ පක්ෂ දෙකට ම ඉංග්‍රීසි පිළිබඳව යම් ප්රශ්නකාරි තත්ත්වයක් පවතින බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (09) අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ පෘතුගාලය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (24)අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
මෙම අනුරුවෙහි නිදන් වස්තු තැන්පත් කිරීමේ ජාතික මහෝත්සවය මාර්තු 21 දා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බුද්ධ ශාසන ආගමික කටයතු සංස්කෘතික ඇමැති, ධනවර්ධන ගුරුගේ, මාස්ටර් ගයිඩ් අධිපතිනිය, තිලකවර්ධන අධිපතිතුමා, ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගි වීමට නියමිත ය.
රනිල්ගේ එංගලන්ත ගමන ගැන නඩුව ආණ්ඩුවට කොටි වලිගය අල්ලා ගත්තා වගේ වී තිබෙයි. නඩුව අතාරින්නත් බැරි ය. අල්ලා ගෙන ඉන්නත් බැරි ය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදි සමාජවාදි ජනරජයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවට අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පාර්ලිමේන්තුවේ දී කළ සහතික වීම පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජතික ව්‍යාපාරය අතිශයින්ම සතුටට පත්වන බවත්, එමෙන් ම රජයේ එම ක්‍රියාමාර්ගයට සුබ පතන අතර ම සංවිධානයක් ලෙස ඔවුන්, ඔවුන් ගේ උපරිම සහාය ද පළ කරන බව ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

