වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු - දිලිත් ජයවීර

 වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු  - දිලිත් ජයවීර

ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ බලාපොරොත්තු මුදුන් පමුණුවාලන විශ්සවානීය වෙනසක් කරා රටේ අනාගත දිශානතිය කැඳවාගෙන යන නවමු බලවේගයක් ලෙස මීළඟ මැතිවරණයකදී කුරුණෑගල දිස්තික්කයේ කුලුඳුල් ජන්දදායකයින් එක්ලක්ෂ පනස් දහසකට ආසන්න තරුණ බලවේගය කටයුතු කරනු ඇතැයි සර්ව ජන බලය පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීර පැවසී ය.

ඔහු මෙම අදහස් පළකළේ මෙරට ශ්‍රී ලංකික තරුණ ප්‍රජාව ව්‍යවසායකත්ව දැක්මකින් යුතුව සතුටු දැයක් කරා මෙහෙයවීමේ අභිලාෂයෙන් 15 වනදා කුරුණෑගල නගර සභා ක්‍රීඩාංගනයේ දී සර්වජන යුත් වයිබ් තරුණ සමුළුව අමතමිනි..

එම සමුළුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ පක්ෂ නායක දිලිත් ජයවීර…

අපි කතා කරන වචනයක් වචනයක් පාසා අපි ඔබට වග කියනවා

WhatsApp Image 2026 08 17 at 4.11.51 AM

 ''අද අපි මේ කතා කරන්නේ තවත් දේශපාලන රැස්වීමකට නෙමෙයි. අපි මේ කතා කරන්නේ ආදරය සෙනෙහස හදවතින්ම රැගෙන ඇවිල්ල අපේ රටේ පන නල බඳු තාරුණ්‍යයට. මේ රටේ තාරුණ්‍යයට මේ රටේ දේශපාලන ඉතිහාසය තුළ යම් අසාධාරණයක් සිදුවුවා නම් එය නිවැරදි විය යුතු යයි බරපතළ ලෙස විශ්වාස කරන කණ්ඩායමක් තමයි අපි. සර්වජන තරුණ පෙරමුණ විශ්වාසයෙන් පෙළ ගැහිලා ඉන්නේ අන්න ඒ විශ්වාසය මත. අපි අද ඔබට දැඩිව ප්‍රකාශ කර සිටිනවා මේ රටේ තාරුණ්‍යයට කණගාටුවට, සංවේගයට, පශ්චාත්තාපයට පත් වන්නට සිදු විය හැකි කිසිඳු දේශපාලනයක් මේ අපගේ සර්වජන බල දේශපාලනය තුළ සිදු නොවන බව. ඒ වගේම ඉතිහාසයේ දේශපාලනයේ කිසියම් හෝ අවස්ථාවක දේශපාලනඥයකු විසින් වගකීමකින් තොරව ප්‍රකාශ කරලා ඔබ රැවටුණා නම්, ඒ රැවටීමටත් අපි ඉඩ තියන්නේ නැහැ. අපි කතා කරන වචනයක් වචනයක් පාසා අපි ඔබට වග කියන බව සඳහන් කරන කැමතියි. ඉතින් මේක තමයි අපේ පණිවිඩය. අපි අවංක ව්‍යාපාරයක්. මේ රටේ තාරුණ්‍යයේ සැබෑ ව්‍යාපාරය අපි.

 

ඍණාත්මක සිතුවිලිවලින් අයින් වෙලා ධනාත්මකව හිතන්න

WhatsApp Image 2026 08 17 at 4.11.50 AM

ඔබ දන්නවා, මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් ලබන විසිවැනිදා ඡන්දයක් පැවැත්වුවොත්, එක්ලක්ෂ පනස්දහසක් තරුණයන් පළමුවැනි වතාවට ඡන්දය දෙනවා. පළමුවැනි වතාවට මේ එක්ලක්ෂ පනස්දහස පමණක්ම තීරණය කළොත්, මේ රටේ අනාගතය තීරණය විය යුත්තේ අපේ කැමැත්ත මත පමණක් කියලා, අපට ඕන දියුණු වුණු ශ්‍රී ලංකාවක් කියලා. අතමිට සල්ලි තියෙන, තමන්ගේ සිහින ඉෂ්ට කරගන්නට පුළුවන්, තමන්ගේ ගෙයක් හදාගන්නට පුළුවන්, තමන්ගේ වාහනයක් ගන්නට පුළුවන්, තමන්ගේ ආර්ථිකය ගොඩනගගත්, ලෝකයේ දියුණු රටක ඒ කියන්නේ  දියුණු ශ්‍රී ලංකාවක  ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන්නට අපට ඒ ආසාවක් තියෙනවා. ඒ සිහිනය මත ඔබ  කටයුතු කළොත්, ඒ මගින් මේ රටේ අනාගතය එක රැයකින් වෙනස් වෙනවා. එදායින් පස්සේ ඔබ ජීවත් වෙන්නේ, සත්තයි සතුටු දායක රටක; සතුටු දැයක; සත්තයි. අන්න ඒ සතුටු දායක රට තමයි අපිට නිර්මාණය කරගන්නට ඕන. ආදරණීය දරුවනි, ඇත්තට ම මේ රටේ තාරුණ්‍යය වන ඔබ ගැන ලොකු විශ්වාසයක් අපට තියෙනවා. අපි මේ කතා කරන ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය මේ රටේ හැම පොඩි දරුවකුගේ ම ඔළුවට අපි දාන්න හදන්නේ ඒකයි. මේ ඍණාත්මක සිතුවිලිවලින් ඔබව අයින් කරලා, හැමතිස්සේම ධනාත්මකව හිතන්න කියලා අපි ඔබට ආරාධනා කරන්නේ ඒකයි. මොන දේශපාලනඥයා ඔබේ ඔළුවට මොන කුණු කන්දල් දැම්මත්, අපට ඕන ඔබේ මනස, ඔබේ මොළය සහ ඔබේ හදවත ධනාත්මක චින්තනයෙන් පුරවන්නටයි. අපිට පුළුවන් කියලා හිතාගෙන, මේ රටේ ඉන්න තාරුණ්‍යයට ලෝකයේ ඕනෑම රටක් එක්ක හැප්පෙන්නට පුළුවන් ශක්තියක්, දැනුමක් සහ විශ්වාසයක් තියෙනවා කියන එකයි අපේ පණිවිඩය.

 

අපි නුදුරු දිනෙක ම එකතු වෙලා නැගිටිනවා

WhatsApp Image 2026 08 17 at 4.11.51 AM 1

මේ පණිවිඩය අපි අරගෙන යන්නට ඕන. ඇයි? හෙට උදේ ඔබ නැගිටින්න ඕන මේ රට ගැන විශ්වාසයක් තියාගෙන; අපි ගැන විශ්වාසයක් තියාගෙන; ඔබ ගැන විශ්වාසයක් තියාගෙන; අපි නුදුරු දිනෙක ම එකතු වෙලා නැගිටිනවා කියන හැඟීමෙන් මිසක්, අඬ අඬා ඉන්න, ඍණාත්මකව සහ බැරි බැරියාවෙන් කටයුතු කරන රටක තාරුණ්‍යයක් හැටියට නොවෙයි. අන්න ඒ පණිවිඩය පමණයි මම ඔබට දෙන්නේ. අපට මේ සරල පණිවිඩය පමණක් ඔබ ඔබේ ඔළුවේ තියාගෙන ගියොත්, මේ පණිවිඩය මේ රටේ ඔබ සමග උරෙන් උර ගැටෙන තාරුණ්‍යය සමග බෙදාහදා ගත්තොත්, අපට පුළුවන්: දියුණු, අලුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරගන්නට. ඔබ ප්‍රාර්ථනා කරන, ඔබේ සිහින ඉෂ්ට වන ශ්‍රී ලංකාවක් නිර්මාණය කරගන්නට. ඒ නිසා ඒ විශ්වාසයෙන්, අද මේ කුරුණෑගල පැවති ඉතාම සාර්ථක, ඉතාම සාර්ථක මේ “Youth Vibe” තරුණ සමුළුව, අපේ Gen Z සමුළුව, අපේ Gen Alpha සමුළුව සහ මේ කතිකාව ඔබ මතකයේ තබා ගත යුතුයි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න