සූගීෂ්වර බණ්ඩාර ලබන 25 තෙක් යළිත් රිමාන්ඩ්!

සූගීෂ්වර බණ්ඩාර ලබන 25 තෙක් යළිත් රිමාන්ඩ්!

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගත්  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර අගෝස්තු 25 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක  මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය  අද (12) නියෝග කළා.

අධිකරණයේදී ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම නිසා මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.

සිද්ධියට අදාලව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවයි අධිකරණයට දන්වා සිටියේ.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ සුමේන්ද්‍ර ප්‍රනාන්දු පවසා සිටියේ මාගේ සේවාදායකයා රක්ෂිත බන්ධනාගාරගත කළේ ජුනි 14 බැවින් දැනට දින 54 වඩා රිමානඩ්ව සිටින බැවින්  ඇප මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

තවද තම  සේවා දායකයාගේ දුව විශාදය තත්ත්වයට පත්ව ලේඩි රිජ්වේ රෝහලේ ප්‍රතිකාර ලබන බවට වෛද්‍ය වර්තා ඇති බැවින්  ඇප මත මුදා හරින ලෙසයි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් නීතීඥවරයා මෙලෙස අධිකරණයට දැන්වුවා.

" ස්වාමීනි, මාගේ සේවාදායාට 2020 වසරේ සිට මේ දක්වා ඔහුගේ රුධිර වාහීනි ආශ්‍රිතව රුධිරය විෂ විම යන රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. තවද ශ්වේත  ප්‍රධානී රෝගී තත්ත්වයෙන් සිටින බවයි.   එය සිරගතව සිටියදී වැඩි වෙනවා. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කළා.තවද 11 හැවිරිදි දියණිය පශ්චාද් ව්‍යවසන තත්ත්වයට සහ පශ්චාද් කම්පන ආතති තත්ත්වයට දැඩි ලෙස පත් වෙලා. එසේම පියා සිරගත විම නිසා මේ තත්වය වැඩි වෙලා රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබනවා. තවද සේවාදායකයාගේ 12 හැවිරිදි පුතා දැඩි මධ්‍යස්ථ විශාදයට පත් වෙලා. තවද මොහුගේ බිරිඳගේ හැසිරීම් පවා වෙනස් වෙලා. දැඩි මානසික කැලඹීමකට පත්වෙලා. සේවා දායකයා සිරගත වී සිටීම නිසා.

" 2019 සිට 2022 ජුනි 19 දක්වා තමා මගේ සේවාදායකයා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම් වශයෙන් කටයුතු කළේ. 2022 ජුනි 22 වන දින එම සේවාවෙන් ඉවත් වෙලාත් පසුව තමයි ව්‍යාපෘති අධ්‍යක්ෂක ජෙනරාල් වශයෙන් රාජකාරිය භාර ගෙන තිබෙන්නේ. ඒ අනුව මගේ සේවාදායකට චෝදනා නොමැති බව පෙනී යනවා. එම කරුණු සුවිශේෂී කරුණු කරගෙන ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා"

යනුවෙන් නීතිඥවරයා අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදි මධ්‍යම විමර්ශන කාර්යාංශය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන් නිලධාරීන් දන්වා සිටියේ පෙර අවස්ථා දෙකේදීම මෙලෙසම සැකකාර පාර්ශවයේ නීතිඥවරුන් විසින් වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කළත් ඇප ලබාදීම ප්‍රතික්ෂේප වූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනා කරන බවත් පොදු දේපළ පනත යටතේ විමර්ශන කටයුතු සිදුවන බවත් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව ඇප ලබාදීමට සලකා බලන්නේ අසාමාන්‍ය කරුණු බවත් දියණිය පුතා සහ බිරිඳ සම්බන්ධයෙන් කරන ලද කරුණු සුවිශේෂී කරුණු නොවන බැවින් සැකකරු යළිත් රක්ෂිත බන්ධනාගාරගත කළා.

පෙර නඩු දිනයේදී සිද්ධියට අදාල සැකකරුට ඇප   ලබා දීම කොටුව  මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප  කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වු විමර්ශන නිලධාරීන් පවසා සිටියේ සැකකරු විසින් ඉදිරිපත් කරන ලද නාම ලේඛනයකට අනුව විශේෂ ව්‍යාපෘති අංශයේ සේවකයන්හට රැකියා ලබාදී ඇති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න