මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටින බව "දිනන දකුණ" සාමූහිකය සඳහන් කරයි.
එම සාමූහිකය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
රජය සිය ආර්ථික අසාර්ථකත්වය වසා ගැනීමට සහ දේශපාලන විවේචන නිහඬ කිරීම සදහා සමාජය තුළ බල පවත්වන ජනප්‍රිය දූෂණ විරෝධී රැල්ල මෙවලමක් ලෙස යොදා ගනිමින් සිටින බව ප්‍රකාශ කරන "දිනන දකුණ" සාමූහිකය, මේ සඳහා ආසන්නතම උදාහරණය සපයන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පදනම් විරහිත චෝදනා මත අත්අඩංගුවට ගැනීමට දැරූ උත්සාහය බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මතු පළ වන්නේ දිනන දකුණ සාමූහිකය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.



