අනුර කුමාර දිසානායක ජනාධිපති ධුර කාලයේ පළමු වසර තුළ ‘ඇමති මාරු’ 75%ක් අඩු වෙලා

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුර කාලයේ පළමු වසර තුළ ‘ඇමති මාරු’ 75%ක් අඩු වෙලා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ධුර කාලයේ පළමු වසරට සාපේක්ෂව, ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ධුර කාලයේ පළමු වසරේ දී රාජ්‍ය දෙපාර්තමේන්තුවල (ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා ඇතුළුව) අමාත්‍ය මාරුවීම් සංඛ්‍යාව පස් ගුණයකින් පමණ අඩුවෙන් සිදු කර ඇතැයි ලංකා දත්ත පදනම (Lanka Data Foundation) සඳහන් කරයි.

එම පදනම මේ බව සඳහන් කරන්නේ  ඔවුන් විසින් නිකුත් කරන ලද නවතම 'දෙපාර්තමේන්තු ප්‍රවාහ' (Department Flow) දෘශ්‍යකරණ වාර්තාව සමාජ ගතකරමිනි.

ලංකා දත්ත පදනම මෙම තොරතුරු ඇතුළත් මාධ්‍ය වාර්තාවක් නිකුත් කර ඇත.

ලංකා දත්ත පදනමේ 'දෙපාර්තමේන්තු ප්‍රවාහ දැක්ම' (Department Flow View) යනු, 2019 වර්ෂයේ සිට එක් එක් ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා මට්ටමින් අමාත්‍යාංශවල සිදුවූ වෙනස්කම්, අන්තර්ක්‍රියාකාරී 'සැන්කි' (Sankey) දෘශ්‍යකරණයක් වන අතර එය අදාළ කාලය තුළ නිකුත් කළ සියලු ගැසට් පත්‍ර ඇසුරින් සිදු කරන දෘෂ්‍ය විශ්ලේෂණයකි.

මතු පළ වන්නේ ලංකා දත්ත පදනම විසින් නිකුත් කරන ලද සම්පූර්ණ දත්ත වාර්තාව ය.

lankadatafoundationi1

lankadatafoundationi2

lankadatafoundationi3

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න