රාජිත සේනාරත්නට අධි චෝදනා; පළමු සැකකරු නඩුවෙන් නිදහස්

රාජිත සේනාරත්නට අධි චෝදනා; පළමු සැකකරු නඩුවෙන් නිදහස්

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී  රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්නට මෙම මස 31 වන දින අධි චෝදනා ගොනු  කරන බව  අල්ලස් කොමිසම  වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර නිතී අධ්‍යක්‍ෂක සුලෝචනා හෙට්ටිආරච්චි   අද(28)  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දැන්වූවා.

තව ද මෙම සිද්ධියට අදාළ පළමුවන සැකකරු වන උපාලි ලියනගේ නමැත්තාට අධි චෝදනා ගොනු නොකරන බවත්  එම නිසා ඔහු මෙම නඩුවෙන් නිදහස් කරන ලෙස ද නඩුව කැඳවු අවස්ථාවේ දී අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දෙවන සැකකරුට අධිචෝදනා ගොනු කර අධිකරණයට වාර්තා කරන ලෙසත් පළමුවන සැකකරු නඩුවෙන් නිදහස් කරන ලෙසත් නියෝග කළේ ය.

සැකකරුවන් දෙදෙනා අද අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ දී වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම පවසා සිටියේ සැකකරුවන් දෙදෙනාට එරෙහිව කළ විමර්ශන කටයුතු මේ වන විට අවසන් බැවින් මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට නියමිත බව ය.

නඩුව දෙසැම්බර් 4 යළි කැඳවිමට නියමිත ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න