විදේශ දුම්වැටි 9000ක් සන්තකයේ තබා ගත් චීන ජාතිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද නියෝග කළේ ය.
කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චීන ජාතිකයා විදේශ දුම්වැටි සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම මත මහේස්ත්‍රාත්වරයා මෙම දඩ මුදල නියම කළේ ය.
පොලීසිය සිදු කළ පරීක්ෂාවක දී විදේශ දුම්වැටි සහිත පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේ ය.

