ඊයේ මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ සිදු කර පරික්ෂාවක දී විෂ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි රියදුරන් සහ කොන්දොස්තතරවරුන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන අද (28) අධිකරණයට ඉදිරිපත් කළේ ය.
මීගමුව බස් නැවතුම්පොළ තුළ ධාවනයේ යෙදෙන සියලු ම බස් රථ 27වන දා දිනය පුරා පරික්ෂාවට ලක් කෙරුණු අතර එහි දී කොන්දොස්තරවරු හයක් සහ එක් රියදුරකු අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් මීගමුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර කොන්දොස්තරවරුන් වරද පිළිගත් බැවින් මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා රුපියල් 25,000ක දඩ නියම කළ අතර විශ මත්ද්‍රව්‍ය පානය කර සිටි රියදුරාටද රුපියල් 25,000ක දඩ නියම කර රියදුරු බලපත්‍රය මාස හයකට අත්හිටු වීය.
මීගමුව රථ වාහන අංශයේ උප පොලිස් පරික්ෂක රථ වාහන අංශයේ ස්ථානාධිපති කුලරත්න මහතා ගේ උපදෙස් මත රථ වාහන අංශයේ නිලධාරීන් මෙම මෙහෙයුම සිදු කළ අතර අධිකරණයේ නඩු කටයුතු පොලිස් සැරයන් උදය කුමාර (38222) මහතා විසින් මෙහෙයවනු ලැබීය.
මීගමුව සමුහ - අකිලා නදීෂානි බණ්ඩාර

