අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ගේ මරණ පරික්ෂණයට අදාළ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් අධිකරණයට ලබා දීමට කටයුතු කරන ලෙස දන්වා රජයේ රස පරීක්ෂකවරයාට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (8) සිහි කැඳවිම් ලිපියක් නිකුත් කරන බව අධිකරණයට දන්වා සිටියා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේ දී කොළඹ අපරාධ කොට්ඨාශය පවසා සිටියේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සම්පුර්ණයෙන් ලබා දීමට රස පරීක්‍ෂක වර්තා ලැබිය යුතු බවයි.
සිද්ධියට අදාළ මරණ පරීක්‍ෂණ සාක්ෂි කැඳවා අවසන් බැවින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂණ වාර්තාව ලබා ගැනීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට සහ රජයේ රස පරීක්ෂකවරයාට පෙර නඩු දිනයේ දී මහේස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කර තිබුණා.
සිද්ධියට සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ අධිකරණ වර්තා ලබා ගැනීමට එම වෛද්‍යවරයා වෙත ද දන්වා ඇති බවයි. ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා රස පරික්ෂක වර්තා කඩිනමින් ලබා දීමට රස පරික්ෂකවරයාට සිහි කැඳවිම් ලිපි නිකුත් කළා.
නඩුව ලබන 22 යළි කැඳවිමට නියමිතයි.

