නාට්‍ය අනුමණ්ඩල සභාපතිවරයා වගකීම් පැහැර හැරියා ද...?

නාට්‍ය අනුමණ්ඩල සභාපතිවරයා වගකීම් පැහැර හැරියා ද...?

රජ්‍ය නාට්‍ය උළෙල හමාර විණි. යමක් ලිවිය යුතු යයි සිත බල කරයි. එහෙත් ඒ සම්මාන ගැන නම් නොවේ.

නාට්‍ය අනුමණ්ඩලයෙහි රාජ්‍ය නාට්‍ය තරගාවලිය ආරම්භ වන්නට පෙර සිටියේ එක් සභාපතිවරයෙක් බව මගේ මතකය යි. එහෙත් රාජ්‍ය නාට්‍ය උළෙල ආරම්භ වූවායින් පසුව එහි සිටියේ වෙනත් සභාපතිවරයෙකි.

මගේ දැනුම නිවැරදි නම්- මා වැරදි නම් කවුරුන් හෝ මා නිවැරදි කරත්වා-රාජ්‍ය නාට්‍ය උළෙල අවසන් වන විට සිටයේ අනුනුගේ කොටයකට කරගසන්නට ගෙල දුන් සභාපතිවරයෙකි.

ආණ්ඩුව පත්වූ පසුව නාට්‍ය අනුමණ්ඩලයට පත් කතරන ලද්දා නාට්‍ය කලාව ගැන දැනුමැති, නාට්‍යකරුවකු, රංගධරයකු පමණක් නොව ඒ විෂය සම්බන්ධ ඇදුරකු ද වන්නෙකි. ඒ සියල්ලටමත් වඩා හේ ආණ්ඩුව බලයට ගෙන ඒමට දැඩි සේ පෙනී සිටි කලාකරුවන්ගේ සංවිධානය වන ජන නියමු කලාකරුවන්ටග් ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකි.

ඉදින් ආණ්ඩුව එවැන්නකු මේ තනතුරට තෝරන්නට ඇත්තේ පරම විශ්වාසයකින් යුතව විය යුතු ය. එවන් තනතුරක් භාරගන්නකු ගෙන් ආණ්ඩුව විශාල මෙහෙයක් බලාපොරොත්තු වන්නට ඇත. එහෙත් මා දන්නා පරිදි හෙතෙම රාජ්‍ය නාට්‍ය තරගාවලිය ඇරඹෙන්නා හා සමගම තම තනතුරින් ඉවත් වෙයි. ඒ ඔහු සම්බන්ධ නාට්‍යයක් තරග වදිනා හෙයිනි. මෙහිදී ද මා වැරදි නම් නිවැරදි කරත්වා...

මා විශ්වාස කරනා අයුරින් නම් ආණ්ඩුව මේ තේරීම කරන්නට ඇත්තේ නාට්‍ය කලාව සම්බන්ධයෙන් වන ජා ජන බලවේගයේ ජාතික වගකීම ඔහු නිසි ලෙස ඉටු කරතැයි දැඩි විශ්වාසයෙනි. එවන් වගකීමක් භාරගත් පසුව ලෙහෙසියෙන් එය අතහැරිය නොහැකි ය. අනෙක් අතින් සාධාරණ හේතුවක් නොමැතිව එවන් තනතුරක් අතහැර යාම වෙසෙසින් ම රාජ්‍ය නාට්‍ය උළෙල බඳු තීරණාත්මක අවස්ථාවක හැර යෑම ඉතාම බරපතළ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න