ළහිරු අචින්ත ශ්‍රී ලංකාව රනින් බැබලවයි - නෙත්මි ගිම්හානිගෙන් ලෝකඩ පදක්කමක්

ළහිරු අචින්ත ශ්‍රී ලංකාව රනින් බැබලවයි - නෙත්මි ගිම්හානිගෙන් ලෝකඩ පදක්කමක්

බහරේනයේ පැවැත්වෙන 2025 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ඊයේ (23) පැවති පිරිමි මීටර 1500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ළහිරු අචින්ත සමත් විය.


තරගය අවසන්කිරීම සඳහා ඔහු විනාඩි 3.57.42ක කාලයක් ගත කළේය.

මෙහි රිදී පදක්කම විනාඩි 3.58.73කින් තරගය අවසන්කළ චීන ක්‍රීඩකයෙකු දිනාගත් අතර, ලෝකඩ පදක්කම හොංකොං දේශයේ ක්‍රීඩකයෙකු දිනාගත්තේය. ඔහු විනාඩි 4.05.09කින් තරගය අවසන් කළේය.

ළහිරු දිනාගත් මෙම පදක්කම ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු දිනාගත් පළමු රන් පදක්කම ලෙස වාර්තා අතරට එක්විය.

එමෙන්ම ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ඊයේ පැවති කාන්තා මීටර 1,500 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට නෙත්මි ගිම්හානි සමත්විය.  තරගය අවසන් කිරීම සඳහා ඇය මිනිත්තු 4යි තප්පර 52.32ක කාලයක් ගත කළාය.

මෙම පදක්කමත් සමග මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව දිනූ පදක්කම් සංඛ්‍යාව 02ක් දක්වා ඉහළ ගියේය.

ඒ අනුව ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 10 වන ස්ථානයේ පසුවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න