Language Switcher

V2025

සයිබර් (සෘජු) ප්රජාතන්ත්රවාදය !

 

Smart phone එකක් හෝ tab, laptop සහ internet connection එකක් සතු ඕනෑම අයෙක් අද යුගයේ සයිබර් අවකාශ ක්රියාකාරිකයකු වීම සාමාන්‍ය තත්වයකි.

සයිබර් අවකාශය තත්‍ය භෞමික අවකාශයට විශාල බලපෑමක් එල්ල කරන, වෙනම රාජ්‍ය කලාපයක්, ගෝලීය අවකාශයක් තරමට වර්ධනය වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවා සයිබර් අවකාශය පිළිබදව විශේෂ අවධානය යොමු කිරීමට ආණ්ඩු වග බලාගන්නා බව පෙනෙයි. ඒ එම අවකාශය ද ඉතාමත් සීග්රයෙන් දේශපාලනීකරණය වී ඇති නිසාය.

සයිබර් යුගය තුළ මානව සංනිවේදනය ලබා ඇති දැවැන්ත පරිවර්තනය වඩා යහපත් ලෙස සමස්ථ පෘථිවි ගෝලයේම පැවැත්මට යොදා ගත හැකිනම් එය ඉතා වැදගත්ය.

රාජ්‍යයට පවතින දේශසීමා එලෙසම සයිබර් අවකාශ තුළ නැත. එය සැබවින්ම ගෝලීය අවකාශයකි. එම නිසාම රාජ්‍යය එයට බාධා එල්ල කරයි. එය නියාමනයට පෙළඹෙයි. නමුත් සයිබර් ප්රජාවන් කල්යත්ම තමන්ටම ආවේණික සදාචාරයක් සයබර් අවකාශය තුළ නිර්මාණය කරන නිසා රාජ්‍ය සිතූ ආකාරයටම එය අරාජික හා ප්රචණ්ඩ තැනක්ම බවට පමණක් පත්වී නොමැත.

එය සමාජීය සංවේදිතාව දනවන විශාල ගෝලීය සහයෝගිතා කලාපයක් සේම සමාජ විෂමතාවයන් එළියට ගන්නා බෙදුණු ලෝකයක්ද වෙයි.

අද සමාජ මාධ්‍ය දෙස බලන විට සමාජය තුළ පවතින බෙදීම් හා බලය සදහා පවතින අරගලය එළෙසම සමාජ මාධ්‍ය තුළත් පවතින බව පෙනීයයි.

එක අතකින් ජනතාවට ඍජුවම තම අදහස් හා විවිධත්වය ප්රකාශ කිරීමට සයිබර් මාධ්‍ය උදව්වෙයි. එම අදහස් තාක්ෂණය හා අන්තර්ජාල ප්රාග්ධන හිමිකාරීත්වය විසින් වාරණයට ලක්විය හැකිවුවත් මුහුණූ පොත, ට්විටර් වැනි සිය ගණනක් අවකාශ තුළ විශාල දේශපාලන බල තරගයක් හැම විටම දැකිය හැක.

අප අද දෛනිකව අත්දකින සයිබර් සබදතාවය තුළ මේ සදහා ඕනෑ තරම් උදාහරණ පවතී.

#GGH යනු එක පැත්තකින් සයිබර්ගතවූ ගෝලීය අරගලයකි. එසේම සිය ගණනක් Youtubers ලා, bloggers ලා, websites හා අන්තර්ජාල පුවත් හා වීඩියෝ සංනිවේදකයන් මෙරට ⁣දේශපාලන අවකාශයට විශාල බලපෑමක් එල්ල කරයි. #GGH අරගලය ඉදිරියට යාමට එම සියලුම මාධ්‍ය අවශ්‍යය වෙයි. රැට්ටා වැනි සමාජ මාධ්‍ය ක්රියාකරුවන්මත් දේශපාලන ක්රියාකාරිකයන් බවට පරිවර්තනය වීම ද අධ්‍යයනය කල යුතු තත්වයකි.
වඩාත් කඩිනමින් සමාජ මතවාද නිර්මාණයට සයිබර් අවකාශය ඉඩ සලසයි. අපව අතත්‍ය virtual අරගලකරුවන් බවට පත්කරයි. සමාජ වෛරය, කෝපය, සේම සහයෝගය, එකමුතුව ආදිය සංවිධානය කරමින් සයිබර් මාධ්‍ය සමස්ථ රාජ්‍යය පද්ධතිය තුළම පවතින අතිශය සංකීර්ණතම පොදු අවකාශය බවට පත්ව ඇත. ආණ්ඩුව හා විපක්ෂය ද අද සයිබර් අවකාශය තුළට පැමිණීම එහි බලය පෙන්වන අවස්ථාවකි.

පාර්ලිමේන්තුවට වඩා සයිබර් පාර්ලිමේන්තුව බලවත්ය. සජීවීව 24x7 රැස්වන සයිබර් පාර්ලිමේන්තුව නිසා අද සමහර පක්ෂ දැඩි අර්බූදයකට යමින් ඇත.

මුහුණු පොත හරහා අප පල කරන සමහර අදහස් හා කොමෙන්ට්ස් සමහරවිට සමහර පක්ෂ වල ට බලපෑම් එල්ල කරයි. එවිට එම පක්ෂ වලට ඒවාට පිළිතුරු දීමට සිදුවෙයි.නැත්නම් තර්ජනය කරයි. ආණ්ඩුව එළවීමට හෝ විපක්ෂය ඉස්සීමට ක්රියාකරන පිරිස් අතර දැඩි තරගයක් සමාජ මාධ්‍ය තුළ පවතී. එය ප්රාග්ධනය හා තාක්ෂණය සමග සමාජීය මානව දේශපාලන සංනිවේදන මුසුවීමේ ප්රතිඵලයකි..එම අවකාශය ට ප්රචණ්ඩත්වය ගෙන ඒම ගැන දෙවරක් නොව දහස්වරක් සිතිය යුතුය.

ආචාර්ය අතුල සමරකෝන් ගේ ෆේස්බුක් ගිනුමෙනි