Language Switcher

V2025

සංගොජිත් සහ කෑලි හැලෙන සජබෙ - 01 කොටස

දේශපාලනය කියන්නේ භාෂාවෙන් ගොඩනැගුනු කතන්දර ලෝක ව්‍යුහයක්. දේශපාලනය කියන ඒ කතන්දර ලෝකවලින් හැදුනු භාෂා ව්‍යූහයට, ආර්ථිකය කියන ව්‍යූහය සම්බන්ධයි. ලෝකයේ මුලින් ම දේශපාලනය බිහිවී ආර්ථිකය බිහි වුනා නෙවෙයි. ආර්ථිකය බිහිවී එයින් පැන නැගුන අමතර ව්‍යූහයක් හැටියට දේශපාලනය බිහිවීමයි සිද්ධ වුණේ. රටක මේ ව්‍යූහ දෙක අතර තියෙන සම්බන්ධය පරස්පර වුනොත්, ඒ රටේ දේශපාලන අර්බුද ඇතිවෙනව.

ඒත් මොනයම් හෝ හේතුවකින් දේශපාලනය කියන ඒ භෂාවෙන් ගොඩනැගුණු කතන්දර ලෝක ව්‍යූහය සහ ආර්ථිකය කියන ව්‍යූහය එකිනෙකින් වෙන්වෙලා විසංධිවෙලා ම ගියොත්, සමාජයට ඉමීඩියට් ප්‍රතිඵල දෙකක් අත්වෙන්න නියමිතයි.

එකක් තමයි, දේශපාලනයට ආර්ථිකමය දැක්මක් නැතිවෙලා, දේශපාලනය කියන ව්‍යුහය හුදු සිතිවිලි පද්ධතියක් පමණක් බවට පමණක් පත්වෙලා, යථා පොළවක් නැතුව අහසේ පාවෙන එක.

ඉතිං අන්තිමේදි මිනිස්සුත්, තමන්ට උපයෝගීතා වටිනාකමක් නැති හින්ද, මේ වගේ අහසේ පාවෙන කතන්දර ලෝක අතහරිනව. අන්න එතකොට ඒ භාෂා-ව්‍යුහය මල භාෂාවක් බවට පත් වෙලා, ජනයා කෙරෙන් නොපනෙී යනව. හරියට තම කතාකරන ප්‍රජාව අහිමිකරගත් පාලි භාෂාවට වෙච්ච දේ දේශපාලනය කියන භාෂා ව්‍යුහයටත් සිද්ධවෙන්න පුළුවන්.

දෙවෙනි එක තමයි, ආර්ථිකය වෙනුවෙන් ජනයාට වගකියන්නට දේශපාලන ව්‍යුහයක් නැතිවෙලා යන එක. ඒකෙන් මුළු ආර්ථික ක්‍රියාවලිය ම ආර්ථිකය ගැන නොදන්න බූරුවන් අතින් කාබාසිනියා වෙන්න පුළුවන් ඉඩකඩක් නිර්මාණය වෙනව. එහෙමත් නැතිනම්, ආර්ථික ව්‍යූහය ආර්ථික විෂය දන්න කෛරාටිකයින්ගේ තිප්පලක් බවට පත්වෙලා, ක්‍රමික මරණයකට ලක්වෙනව. අවසානයේ දී ඒ නිසා රටක භෞතික ව්‍යසනයක් ඇති වෙන්න නිමිතයි.

1 1

තමන්ගේ වාසිය තකා විසඳුමක් සොයාදීම කරඅරිනව නම්, ඒක නිවට ගොංකම.

ඉතිං මේ විදිහට ආර්ථික හා දේශපාලන ව්‍යූහ වෙන් වුනොත්, එතකොට ආර්ථිකය වගේ ම දේශපාලනයත් වෙන වෙන ම ව්‍යසන කරා ලඟා වෙනව. 1956දි සිලෝන් එකට “සිංහල පමණයි” කියන ජාතිවාදී භාෂා ප්‍රතිපත්තිය ගොනාවට පස්සේ වුණෙත් මෙන්න මේ වගේ දෙයක්. ඒකෙන් වුණේ කොලනිවාදීන් ලංකාවට හඳුන්වල තිබුණු නූතනවාදී ආර්ථික ව්‍යුහයට සම්බන්ධව තිබූ ඉංග්‍රීසි දේශපාලන ව්‍යූහය ව්‍යවස්ථාවෙන් ම ගලවලදාල අකර්මණ්‍ය කරපු එක. ඒ වෙනුවට ඒ ආර්ථිකයට සම්බන්ධ නැති ස්වාධීන දේශපාලන ව්‍යූහයක් වඳ සැත්කමක් කරනව වගේ පිහිටෙව්වා. ඊට පස්සෙ සිලෝන් එකේ ආර්ථිකයට දේශාලපානයක් නැතිවෙනව. ඒ වගේ ම ඒ ආපු අලුත් දේශපාලනයට ආර්ථිකයක් නැහැ. ඒකට අදාළ ආර්ථිකය හොයන් යන්න වෙන්නේ සිංහලකම හොඳට ම තිබුන 1505ට කලින් මහා ඈත අතීත පුරා-විද්‍යා ලෝකයකට.

ඉතිං 1956න් එහාට ශ්‍රිලනිපය තමන් හඳුන්වල දුන්නු නූතන හරයක් නැති 1505ට කලින් පූර්ව යටත්විජිත යුගය කල්පිතව නියොජනය කරන සිංහල ඔන්ලි ග්‍රාම්‍ය ජාතිවාදී දේශපාලනය විතරක් දිගට ම කරගෙන යනව. නූතන ආර්ථික දැක්මක් නැති දේශපාලනයකින් එහෙම කරගෙන ගිහිං ආර්ථිකය කඩන් වැටුනහම ආයෙමත් යූඇනිපියට භාරදෙනව.

swrd

යූඇන්පිය කැබිනට් සාකච්චාවලට විතරක් නූතනනවාදී වූ විද්‍යාත්මක ආර්ථික සංවාද සීමාකරල, දේපාලනයේදී ජාතිවාදී නොවී ජාතිකවාදී වෙන්න උත්සහ කරමින් ආර්ථික සහ දේශපාලන ව්‍යුහ දෙක වෙන වෙනම නඩත්තු කරන්න උත්සහ කරනව. (1956න් පස්සේ, තමන් විද්‍යාත්මක සමාජවාදීයි කියාගත්තු එන්. එම්ටත් මල්වට්ටි අරන් පංසල් ගානෙ යන්න වෙනව.) ඒ හින්ද යූඇන්පිය ලාබ ලෑබීමේ සැබෑ ආර්ථික තීන්දුවක් ගත්තු ගමං, වැඩිකල් යන්න කලින් ශ්‍රිලනිපය එතනට සිංහල ඔන්ලි දේශපාලනය ගෙනල්ල, නූුතන ආර්ථිකය නියාමන විරෝධී සුභසාධන දෙන බවට පොරොන්දු දීල, බලය අතට ගන්නව.

ඉතිං ආයෙ ශ්‍රීලනිපය ආර්ථිකය කෙලවගත්තහම, ආර්ථිකවාදී යූ ඇන්පියට දෙනව, එයාල ආර්ථිකය හදාගෙන එනකොට ඔන්න ආයෙමත් ශ්‍රීලනිපය ගන්නව. මේ විදිහට ජේ.ආර් දක්වාම රටේ සංවර්ධනයේ අඛණ්ත්වය බිඳල හෝද හෝද මඩේ දාන එක තමයි සිද්ධවුණේ.

ඉතිං මේක තමන් දන්නේ නැති බව දැනගත්තහම, කවුරුහරි පසුව ඒ ගැන හදාරා වෙනස් වෙන්න අකමැති නම් ඒ ගොංකම.

ශ්‍රිලනිප දේපාලනයට ආර්ථිකය සම්බන්ධ නැතිවුණා කියල, තියෙන ආර්ථික ව්‍යූහය දේශපාලනයට හයිකරන්න බැහැ. මොකද අපිට එංගලන්තක ආර්ථික ව්‍යුහය එන්නේ කාර්මික විප්ලවානුකූල නූතනවාදී එංගලන්ත මහ-ආර්ථික-ව්‍යූහයනේ.

1 2

ඒත් ඉංග්‍රීසීන් යූඇන්පියට හඳුන්වල දුන්නු කාර්මික විප්ලවානුකූල නූතනවාදී ආර්ථිකයට 1956න් පස්සෙ දේශපාලන ව්‍යුහයක් නැති වීමෙන් සිද්ධ වුණේ ආර්ථික සංවර්ධනය අවුරුදු 5න් 5හට නැවතීම. ඒ කියන්නේ ශ්‍රිලනිප පාලන කාලයෙන් පස්සේ යූඇන්පියට ආයෙමත් මුළඉඳන් පටන් ගන්න සිද්ධවීම.

ඒ හින්ද යූඇන්පීවාදී නූතන ආර්ථිකයට ගැලපෙන සහ ෆික්ස් වෙන දේශපාලනයක් හදාගැනීමට පහුගිය අවුරුදු 66ක් තිස්සේ ම අපට අතපසු වුණා. බොහෝ අය මේක ඓතිහාසික වාද-විෂයක්(issue) විදිහට දැනගෙන හිටියෙවත් නැහැ.

ඒ හින්ද බංඩාරනායකගේ 1956යේ ගොං පෙරලියෙන් පස්සේ රටේ පැවතුනේ, යුගයෙන් යුගය සංවර්ධනය ඉදිරියට යන සහ වැඩිවර්ධනය වෙන රාජ්‍ය දේශපාලනාර්ථිකයක් නෙවෙයි. 1956න්පස්සේ වුණේ, එක් අනූතන(Non-modern) සිංහල ඔන්ලි ජාතිවාදී ආන්ඩුවක ඉඳං, නූතන ආර්ථිකවාදී ආණ්ඩුවකට රට මාරුවීම.

1 3

මොකද ඒ කාලෙ ගැමියෙක් නගරයට එනකොට, පරිපාලන ව්‍යූහකට බඳවගන්නකොට නාගරිකයෙක් විදිහට පුහුණු කරලයි ඇතුළට ගත්තේ. එක් පැත්තකින් ඉංග්‍රීසි භාෂාව පුහුණු කළා. අනික කාර්මික-විප්ලවානුකූල නාගරික ශික්ෂණය සහ නූතන හැදියාව පුහුණු කළා.

1956න් පස්සේ ඒව මොකුත් නැතුව නුපුහුණු අශික්ෂිත ගම නගරයට කඩා වැදුනා. මේක රජ කාලෙවත් උණේ නැහැ. රජ කාලෙත් යමක් ග්‍රාම්‍යයි කිව්වෙ නොදියුණුකමට. නගර තමයි දියුණු ඉම්පෙදෙස් හැටියට පිලි ගැණුනේ. අනික ආක්‍රමණිකයෙක් හැම වෙලාවෙම පහර දුන්නේ නගරවලට. ගිනිබත් කළේ නගර. ඒ හින්ද නිදහසින් පසුව අපිට අපේ අනන්‍යතාව හොයං යන්න උණේ ගම්වලට. මේක වැරදි තීන්දුවක්. ගම හදා රට හදමු කියන ආර්ථිකමය වශයෙන් වැරදි සංකල්පය කරලියට ආවෙ මේ හින්ද. දැන් අනුර කුමාරත් මේ පඹ ගාලෙ පැටලිල.

anu

රට හදන්න නම් පළමුවෙන් එංගලන්තයෙන් ආපු කාර්මික විප්ලවානුකූළ නිෂ්පාදන උපකරණ (Means of Production) අපේ අවුරුදු 2500කට කලින් තිබුණ නිෂ්පාදන උපකරණවලට වඩා දියුණුයි කියල පිලිගන්න වෙනව. ඒක මුළු ලෝකෙම පිලිගත්තා. එංගලන්තයේ යටත් විජිත නොවුණ රටවල් පවා කාර්මික විප්ලවානුකූල උපකරණ තමන්ගේ රටේ තිබුණ ඒවට වඩා දියුණුයි කියල පිලිගත්තා. ඒ හින්දා ගම හදා රට හදන්න බැහැ. නූතනවාදී කාර්මික නගර හදලයි රට හදන්න පුළුවන්කම තිබුණේ.

මේ තත්වය හොඳට වටහගත්තු ජේ.ආර්, ජයවර්ධන කළේ 56යේ සිංහල ඔන්ලි බන්ඩාරනායකවාදීන් සහ සිංහල ඔන්ලි එක ම අනෙකා කරගත්තු දෙමල ඔන්ලි චෙල්වනායගම්වාදීන් කිහිප දෙනෙකු තම පාක්ෂිකයන් බවට පත්කරගෙන, ඒ උදවියට පක්ෂයේ දෙවෙනි තැන පමණක් දෙමින් යූඇන්පියේ ම තියාගෙන ආර්ථිකය හදන්නට උත්සහ කිරීම. ඒ දෙවෙනි පෙළ නියෝජනය කරපු බන්ඩාරනායකවාදීන් තමයි ආර්. ප්‍රේමදාස, විජමු ලොකුබන්ඩාර වගේ අය. චෙල්වනායගම්වාදීන් තමයි තොණ්ඩමන් වගේ උදවිය.

jr2

ඒ හින්දා එතනිදී ජේ.ආර් කරන්නේ හරිම විද්‍යාණුකූල කතිකාමය දේශපාලනයක්. ඒ තමයි භෞතික ලාබ ලෑබීම පදනම් කරගත්තු ආර්ථිකවාදී විෂය ලෝකය හෙවත් විවෘත ආර්ථික කතිකාව ප්‍රධාන ධාරාවේ තබාගනිමින්, ජාතිය පදනම් කරගත්තු බංඩ දේශපාලනය ඒ කතිකාවේ ම පරිවාරයේ නඩත්තු කරවගෙන ප්‍රවාහ දෙකම තමන් අතට ගැනීම. ඒකෙන් ශ්‍රීලනිපය පක්ෂයක් විදිහට වසර 17ක් පාලන බලය නැතුව අකර්මණ්‍ය වෙනව. ජාතිය කරේ තියාගෙන එතනට රිප්ලේස් වෙන්නේ ජවිපෙ. ජාතිය ගිලගෙන ඒක අන්තවාදයක් දක්වා ගෙනියන්නේ එල්ටීටීය සහ සිහල උරුමය.

rohana

 

ඒ හින්ද හැබෑ ලෙස ම ප්‍රේමදාස කියන්නේ යූඇන්පිය තුළ ජේ. ආර්. භාවිතා කළ පරිවාර කතිකාවක් නඩත්තු කරන්නට ජේ. ආර්. විසින් උපායිකව යොදාගත්තු බන්ඩාරනායකවාදී අවිඥානික ප්‍රතිපාක්ෂිකයෙක් මිසක්, පිරිසිදු ඔරිජිනල් යූඇන්පීකාරයෙක් නෙවෙයි. අන්න ඒකයි, 1982දී ලයනල් බෝපගේ තම පක්ෂෙන් පන්නල ජාතිකවාදය කරගහගත්තු විජේවීර-ගමනායකගේ දේශපාලන කතන්දර ලෝකය එක්ක ප්‍රේමදාසට රහසේ හවුල් දේශපාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ හින්ද අර්බුදයක් ආපු මේ හැම මොහොතක ම ජේ. ආර්ට මේ පරිවාර ජාතිකවාදීන් එක්ක හැප්පෙන්න සිද්ධ වුණා.
ඒ හින්දයි 1888-89 කාලේ ජේ.ආර්. ප්‍රේමදාස අතර දරුණු රහස් මතවාදී ගැටුම් ඇතිවුණේ.

ඒ හින්ද පළමු වෙඩිමුරේ තියපු හරීන් ප්‍රනාන්දු එකක් හරියට වටහගන්න ඕන ම යි.

රනිල් කියන්නේ, ජේ. ආර්. ගේ නූතනවාදී(Modern) ජාතික ආර්ථිකමය දේශපාලනය කරගහගෙන ආපු, ඒ වගේ ම ජේ.ආර්ගේ ඊළඟ වර්ධනාත්මක දිගුව වන නව-නූතන (Neo-modern) ගෝලීය ආර්ථිකයට ලංකාව තුළ දේශපාලනයක් හොයන ඔරිජිනල් යූඇන්පීකාරයෙක්. සජිත් කියන්නේ ජේ. ආර්ගේ පරිවාරයට බන්ඩාරනායකගේ කතිකාව නියෝජනය කරන්න අරගත්තු අනූතන(Non-modern) සහයට-ඩැනී ප්‍රේමදාසගේ අනූතන(Non-modern) දේශපාලනය කරගහගත්තු, ලාබ ලැබීමේ ආර්ථිකයට විරුද්ධ සුභසාධනවාදී අනුප්‍රාප්තිකයෙක්.

ඒ හින්ද තමයි හරීන් ඔයාලගෙ සජබෙට ආර්ථිකය නියෝජනය කරන්න හර්ෂ ද සිල්වා, ඉරාන් සහ කබීර් වගේ අය යෝජනා කරන්න සිද්ධවෙන්නේ. මේක ප්‍රේමදාසට තේරුම් ගන්න බැරි වුණා. ඒකයි එයා ගාමිණී සහ ලලිත් වගේ හැබෑ ඔරිජිනල් යූඇන්පීකාරයේ තරහකරගෙන, ඩී.බී. විජේතුංග කියන ගොවියව අගමැති කලේ. ඒකෙන් වුණේ වසර දෙකකින් එයාගෙ දේශපාලනයයි ජීවිතයයි දෙක ම අවසන් වුණ එක.

නැත්තං ප්‍රේමදාස සජිත්ට වඩා ඉවසීමක් තිබුණ අවංක නායකයෙක්. ඒත් එයාගේ දේශපාලන ජානය තිබුණේ ජේ.ආර්ගෙන් අරගෙන නෙවෙයි, බන්ඩාරනායකගෙන් අරගෙන. ඉතිං පසුපරම්පරාවේ සජිත්ට කරන්න තිබුණේ තමන්ගේ තාත්තගෙ දේශපාලනයේ අඩු තැන හදාගෙන ඔරිජිනල් යූඇන්පීකාරයෙක් වෙන්න උත්සහ කරන එකයි. ඒකට රනිල්ව ලඟින් ආශ්‍රය කරමින් ඉවසීමෙන් ඉගෙනගන්න තිබුණා. ප්‍රේමදාස දශකයකට වැඩිකාලයක් අගමැති පුටුවේ ඉඳන් ජේ. ආර්ව ඉවසුව. ඒත් සජිත්ට ප්‍රේමදාස තරම්වත් ඉවසීමක් නැහැ. ඒ හින්ද රනිල්ගේ බුද්ධිය කිලෝබයිට් 5000 නම් සජිත්ගේ බුද්ධිය කිලෝබයිට් 100යි. මතක තියාගන්න ජේ.ආර්. කියන්නේ පොත් දහස් ගාණක අයිතිකරුවෙක්. ඒ දහස් ගාණම කියවපු මනුස්සයෙක්. රනිල් ඊට සමාන්තර අවසන් පුරුක. ඔයාල තව රනිල් කෙනෙක් හදාගන්නකං ඉවසන්නේ නැතිව, රනිල්ව දාල යන්න ගියා.

දැන් සජිත්ගේ බිරිඳ දාන හේමා ප්‍රේමදාස ටයිප් ගොංපාට් ඉදිරියේ ඔයාලට සිද්ධවෙලා තියෙන්නේ දත කට පූට්ටු කරගෙන නිහඬව ඉන්න. මොන නව නිංගිරාවක්ද ඒක.
දැන් ලෝකය කාර්මික විප්ලවයෙන් පස්සේ මේ වෙනකොට තාක්ෂණ විප්ලවයකුත් පසුකරමින් අලුත්ම පරිගනකවාදී නිෂ්පාදන උපකරණ (Computerized Means of Production) යුගයකට ඇවිත්, ඒ යුගයෙත් දශක ගණනක් ගෙවී ගොසින් රෝබෝ විප්ලවයටත් අවතීර්ණ වෙලා රොබෝ තාක්ෂනික නිෂ්පාදන උපකරණ ( Robotic Means of Production) සහ මනුස්ස දැනුම පහුකරමින් යන උපකරණමය අකාබනික කෘතිම දැනුම (Inorganic Artificial Intelligence) පවා ඇවිත් තියෙනව. ඒ හින්ද ලෝකය නූතන කාර්මික නගරවල ඉඳන් නව-නූතන තාක්ෂණ නගර දක්වා ද, නව-නූතන තාක්ෂණ නගරවල ඉඳන් අති-නව-නූතන රොබෝ තාක්ෂණික නගර දක්වාද දියණු වී යමින් පවතිනව.

සජිත්ලට නොකියාම අද ඔය පාරට බැහැල ඉන්න තරුණ තරුණියො මේව ගැන හොඳට දන්නව. ඉතින් අපිට තවම රොබෝවරුන් යොදාගන්නා අති-නව-නූතන නගර හදන තැනට යන්න දශක කිහිපයක්වත් ඕන නිසා, අද අපිට අවශ්‍යවෙලා තියෙන්නේ, නූතනත්වය පහුකර ගිය තාක්ෂණික නව-නූතන නගර (Neo-modern Cities)වත් අවම වශයෙන් හදාගන්න එක . නැත්තං අපි ඉබේ ම ගෝලීය ආර්ථිකය ඇතුළේ පරාජිත රටක් බවට පත්වෙනව. දකුනු ඉන්දියානුවෙක් තමයි මේ වෙනකොට ගූගල් කොම්පැනියේ CEO
. ලඟ තියෙන ඉන්දියාවත් දුරදිග ගිහින්. අපි හිටපු තැන ම සුනංගු වෙනව.

එහෙම තියෙද්දි සජිත් තවම ගම හදා රට හදමු කියනකොට ඒක ගොංකම හැරුනහම වෙන මොකක්ද?

මේක සජිත් දැනගෙන කරනව නෙවෙයි. එයා මෙහෙම දෙයක් දන්නෙත් නැහැ. මේ වෙන දේ එයාට අවිඥානිකයි. තේරෙන්නේ නැහැ. එයා තාත්තගේ දේශපාලනය වැළඳගන්නේ සබුද්ධිකව හදාරලා හරිතැන් උපුටගෙන වැරදිතැන් ඉවත් කරලවත් නෙවෙයි. එයා තාත්තගේ දේශපාලනය කියල වැළඳගන්නේ තාත්තටත් වඩා බාල ගනයේ භාවිතයක්.

දැන් සජිත් තමයි එක ම ඔප්ෂන් එක කියල කෑගහන හිරුනිකාට තේරෙන්න ඕන මේක සජිත් එක්ක තියෙන කෝන්තරවාදී ප්‍රශ්නය ක් නෙවෙයි කියල. සජිත්ගේ අනූතන සංකල්ප ඉදිරියේ නව-නූතන ගෝලීයකරණය ගැලපෙන්නේ නැති එකයි ප්‍රශ්ණෙ. යමක් යමෙක් දැනගෙන කරනව නම් ඒක කට්ටකම.

නොදැරන කරනව නම් එක් ගොංකම.

අන්න ඒකයි අපි එයාට ගොං සජිත් කියන්නේ. නැත්තං කට්ටය කියනවනේ.

එයා මේ ගොංකම අතහරිනකම් ම, යූඇන්පියට හිතවත් ජනයාව අනූතනවාදී (non-modernist) බන්ඩාරනායකවාදයට ගොදුරුවී බයියකමට යටවී, දියුණු පැත්තට නොගොස් බයියකම මාරයි කියාගන්න එක වලකගන්න නම්, අපිට දිගට ම ඒ විදිහට කියන්න වෙනව.

ඒ හින්ද අපි මේ අත්විඳිමින් ඉන්නේ, 1956 භාෂා ප්‍රතිපත්තිය අනුව ආර්ථික සහ දේශපාලන ව්‍යුහ එකිනෙකින් වෙන්කිරීමෙන් බන්ඩාරනායක ඇතිකරපු ප්‍රශ්නයේ අවසන් ථලය. ඒ කියන්නේ, එතකේ පටන් අවුරුදු 66ක් තිස්සේ ඒ ප්‍රශ්නය ගැටළුවක් වෙලා, ගැටළුව අර්බුදයක් වෙලා, අර්බුදය ව්‍යසනයක් වෙලා, දැන් ව්‍යසනයත් ආපසු හැරී ඒමට නොහැකි ලක්ෂය පසුකර යන්න ඔන්න මෙන්න අවස්ථාවක තමයි අපි මේ ඉන්නේ.

දැන් ඔන්න 1953න් පස්සේ පළමු වතාවට ජාතික දේශපාලන හේතුවක් නොවන ආර්ථික හේතුවක් මුල්කරගෙන රට ම පාරට බැහැල තියෙනව. වෙනවිදිහකට කිව්වොත් ශ්‍රීලනිපයට විසඳිය නොහැකි යූඇන්පියට පමණක් විසඳිය හැකි අර්බුදයකට විසඳුම් සොයනව. මේ පාරට බැහැපු අයගෙන් බහුතරය තරුණ තරුණියන්. එයාල ඉල්ලන්නේ බයියො රජකරවන ගම හදා රට හැදීම් නෙවෙයි. එයාලා ඉල්ලන්නේ නව-නූතන තාක්ෂණ නගර. ඒක කරන්න පුළුවන් ගොලීයකරණය යථාවක් හැටියට පිලිගත්තු නව-නූතන ආර්ථිකයකට විතරයි..

rani

මේ කියන දේ තේරෙන්නේ අඩුම තරමින් සුද්දගෙ කාර්මික විප්ලවානුකූල නූතන නාගරිකයින් විදිහට ජීවිතය හික්මවගත්තු දේශපාලනඥයෙකුට විතරයි. ඒ හින්ද මේ නව-නූතන නගර හදන්න පුළුවන් ඉතිරිවෙලා ඉන්න එකම නාගරික නායකයා රනිල් වික්‍රමසිංහ විතරයි.

සජිත්ට, අනුරට, චම්පිකට, හර්ෂට, ඉරාන්ට, කබීර් හසීම්ට තියෙන්නෙ තව ටිකක් ඉවසල නාගරිකත්වය පුහුනු වෙන්න. රනිල් වික්‍රමසිංහව ම කලාපීය ගෝලීය ආර්ථික සංවාදවලට බාරගන්නේ, කලාපීය ගෝලීය ආයතන නියෝජිතයෙක් හැටියට පිලිගන්නේ එයාගේ මේ නව-නූතනවාදී නාගරිකත්වය හින්දයි. ඒ හින්ද ගෝලීය ආර්ථික විද්‍යාව දැනගන්න ඕන තමයි. ඒත් ඒ දැනුම විතරක් මදි. අවම තරමින් නූතනවාදී නාගරික ශික්ෂණය සහ භාවිතාව තියෙන්නත් ඕන.

අන්න ඒකයි ඔය ජනාධිපති සිහිනය තියෙන සජිත්, අනුර, චම්පික කවුරුගියත් නොකෙරුනාට රනිල් ගිය ගමං එයාට තියෙන ගෝලීය රෙපියුටේෂන් එකට එයාට ගෝලීය ආයතන ණය දෙන්නේ. මොකද ගෝලීය මූල්‍ය ආයතනවලට ඕනේ ගම් හදන නායකයෝ නෙවෙයි, අවම තරමින් නව-නූතන තාක්ෂණ නගර හදන නායකයො. ලංකාවෙ උදවිය තමන්ගෙ ගැමිකමට හෝ චාටර් ලුම්පන්කමට හෝ මොකක් හරි අවස්ථාවාදීකමට හෝ නොදන්නාකමට හෝ රනිල් ගැන මොන විචිකිච්චාවන් සහ අවිශ්වාසයන් ඇති කරගත්තත්, ගෝලීය ආර්ථික ප්‍රජාව පිළිගන්නේ රනිල්ව විතරයි.

මොකද ගෝලීය ආර්ථික ප්‍රජාවට පිස්සුද? නෑ, රනිල්ව ප්‍රතික්ෂෙප කරන අය ගොං. රනිල්ව ප්‍රතික්ෂේප කරන්න පුළුවන් මොකක් හෝ නාගරික බුද්ධි විරෝධී අයෙකුට විතරයි. ඒ හින්ද අපිට තියෙන ලෙඩ ගෝලීය ප්‍රජාවට නැහැ. ඒකනේ ඒගොල්ලො දියුනුවෙලා අපිට කෙලවෙලා තියෙන්නේ.

beba021c dfb8 430c 88f3 73d987e00eb9 මේක කාටහරි තේරෙන්නේ නැතිනං ඒක ගොංකම. හරීන්ට මේක යන්තං හෝ තෙරුණත් සජිත්ට තේරෙන්නේ ම නැහැ. ඒක එයාගේ ලුම්පන් කෙහෙල්වත්තේකම. අනුරට සහ පාඨලීට තේරුණත් පිළිගන්න කැමති නැහැ. මොකද ඒ එයාලගේ අවිඥානික බන්ඩාරනායකවාදී සිංහල ඔන්ලිකම. මේව වෙනස් කරගත්තු දාකට ගෝලීය ආයතන එයාලවත් පිළිගනීවි. එතකං ඉතිං ඔය ඔක්කොම අනන්‍යතා ගොංකම විදිහට ම පවතීවි.

ඒ හින්දා මේ ව්‍යසනයට ජේ.ආර්වාදී රනිල් දෙන ආර්ථිකවාදී විසඳුමක් මිස ප්‍රේමදාසවාදී භාෂාමය දේශපාලන ටෝක් හරියන්නේ හෝ ගැලපෙන්නේ නැහැ. ඒ හින්ද මේ පවතින තත්වය විග්‍රහ කරමින් මාධ්‍ය වෙතට රනිල් දෙන කතාවක් සහ සජිත් දෙන කතාවක් අතර බරපතල ඓතිහාසික සහ ගුණාත්මක වෙනසක් තියෙනව.

මේ ව්‍යසනය විග්‍රහ කරමින් සජිත් සිංහලෙන් කරන කතාවක අදාළ නැති විශේෂණ පද වැඩිවෙලා සංදර්භයෙන් පිට පනින එක සහ රනිල් අදාළ වචන ටික විතරක් කතා කිරීම නිරික්ෂා කරන්න පුළුවන්.

සජිත් ඉංග්‍රීසියෙන් දෙන් උත්තරවලදීත් විශේෂණ පද ඩබල් වෙලා මාතෘකාවෙනුත් පිට පනින ස්වභාවක් තියෙනව. මෑතකදී ඉන්දියානු මාධ්‍යවේදිනියක් ලංකාවේ ආර්ථිකය ගැන අහපු ප්‍රශ්නවලට උත්තර දෙන්න ගිහින් සජිත් හත්පොලේ ගාගත්තේ ඒ නිසයි.(යූ-ටියුබ් එකේ ඒ වීඩියෝ එක තවම තියෙනව, බ්‍රව්ස් කරල බලන්න.) මේ සුළු ප්‍රශ්න කිහිපයට ම රනිල් උත්තර දුන්න නම්, රට නවනිංගිරාවකට පත්වෙන්න ඉඩ නොදී නවත්තගන්න තිබුණ කියල ඔයාට හිතේවි හරීන්.

හරීන් ඒ වීඩියෝ එක බැලුවොත්, බොරුවට තමන් පොරවෙන්න විදෙස් මාධ්‍යවේදීන් ඉදිරියේ සජිත් කියන නොගැලපෙන දේවල් දැකල, අපි එයාට ගොං-සජිත් කියන එකට දෙවරක් එකඟ වේවි.

Harin fernandoදැන් හරීන් ඔයා මොකද මේ දවස්වල කරන්නේ. ඔයා දන්නැතුවම(අවිඥානිකව) ආර්ථිකය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ කතා කරන දේශපාලනයට හැරිල, ඒක ම වෙන විදිහකට කියමින් ඉන්නව. ඒ හින්ද රනිල් තනි මන්ත්‍රී සීට් එකක ඉඳගෙන ඔයාගේ රටේ ප්‍රශ්නෙ කතා කරන ගමන් ඔයාගේ අවිඥානයටත් කතා කරල තියෙනව. ඒ හින්ද ඔයා දැනගෙන(සවිඥානකව) කරන දේශපාලනය සජිත්ගෙ වුණාට, ඔයා නොදැන (අවිඥානිකව) කරන කියන දේශපාලනය රනිල්ගේ. ඔයාගේ ඇතුළ් දේශපාලන හිත රනිල්ගේ.

 ඒ නිසා ඔයාට මේ සිද්ධවෙමින් යන දේ තේරෙන රනිල්කම යනු බුද්ධිමත්මකම යි.

ඔයාට මේ සිද්ධවෙමින් යන දේ හාංකවිසියක් නොතේරෙන සජිත්කම යනු ගොංකම යි.

බලන්න හරීන්ගේ කතන්දර ලෝකය.

හරීන් කියන්නේ, “එකක් තමයි තව ජනාධිපති කෙනෙක් එනකං මේ ගෙවෙන මොහොතේ ප්‍රශ්නය මගහරින්න බෑ, අපි හැමෝම එකතු වෙන්න ඕන. තරුණයින්ගේ හඬට කන්දෙන්න ඕන. තව තව ඒව කියනව.” කවුද මේව කියන අනික් කෙනා? රනිල්ද? සජිත්ද?

ඒ ඔයා නොදැන (අවිඥානිකව) ඔයාගේ දිවෙන් පිටට පනින ඔරිජිනල් යූඇන්පීකාර ආර්ථිකවාදී ගතිය නොවේද මේ.

ඉතිං ඔයා මේ වෙනකොටත් නොදැන ඉන්නේ ජේ.ආර්වාදී සහ රනිල්වාදී හැබෑ ඔරිජිනල් යූඇන්පීකාර පිලේ. සජිත්ට මේ ජනතා ආර්ථික ප්‍රශ්නයට වඩා වටින්නේ, ඒක දඩමීමා කරගෙන කරන දේශපාලනයෙන් පාලන බලය ගන්න එක. ඒත් රනිල් කියන්නේ පළමුවෙන් ආර්ථික ප්‍රශ්නය විසඳලා ඊට පස්සේ රට ස්ථාවර වුණහම චන්දයකට යමු කියල.
හරීන් සජිත් ගැන කියන්නේ,

1 5

ඒ කියන්නේ හරීන් හිතින් හැරිලා ඉවරයි. නිල වශයෙන් කියන්න විතරයි තියෙන්නේ. තවම සැබෑ උත්තරය රනිල් ම යි කියල කියාගන්න එයාට හයියයක් නැහැ. ඒ හින්ද තමයි හර්ෂ ද සිල්වා පරිවාස කාල ජනාධිපති කරන්න කියන්නේ.

හරීන් තව කියන්න ඕන ටිකක් කිව්වහම, නිල වශයනේ ආවෙ නැතත් හරින් ඉන්නෙ සජබෙ නෙවෙයි යූඇන්පිය පැත්තේ.

1 4

මනුස්සයෙකු බුද්ධිමතෙක් වුණාම, පස්සේ ඒ බුද්ධිමත්කම එකපාරට ඇඳුමක් ගලවල දානව වගේ අතහැරල ගොනෙක් වෙන්න බැහැනේ. ඒ වගේ ම මහා උත්සහයක් නොයෙදුවොත්, ගොන්කමට පුරුදු වෙච්ච ගොනෙකුට තමංගෙ ගොන්කම එකපාරට ඩෝංගාල අතහරින්නත් බැහැනේ.

ස්තුතියි,
මීට
ජේ.ආර්ගේ මිනිහෙක්