#sajithpoliticalweek

  • (සජිත්ගේ දේශපාලන සතිය) - සජිත් නොසන්සුන් කළ දුරකතන ඇමතුම

    සජිත් නොසන්සුන් කළ දුරකතන ඇමතුම...

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිර දඬුවම් නියම වීමෙන් පසුව ගිහි ඇඳුමක් අන්දවා උන්වහන්සේ වෙනත් නඩුවක් සඳහා අධිකරණයට රැගෙන එමින් සිටින බව කාටත් පෙරම සජිත්ගේ කණ වැකුණේ ඔහුට හිතවත් නීතිඥවරයෙකු ලබාදුන් ඇමතුමක් අනුවය. එම දුරකතන සංවාදයේදී අදාළ නීතිඥවරයා සජිත්ට දැනුම් දුන්නේ මෙම ක්‍රියාව ඉතා බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන සමාජයම නොසන්සුන් කරන සිදුවීමක් වනු ඇති බවය. ඒ අනුව තත්ත්වය තේරුම් ගත් සජිත්, කෙටුම්පත්වී ඇති සියලු නීති අණ පනත්වලට අමතරව භික්ෂූන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාවලිය පිළිබඳ කරුණු විමසන්නට පියවර ගත්තේ, අදාළ කරුණු ගැන මනා අවබෝධයක් ඇති භික්ෂූන් වහන්සේලා සමගද සම්බන්ධ වෙමිනි. ඉන් අනතුරුව මේ පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙය වහා නිවැරදි කරන ලෙස සජිත් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න