සිද්ධියක් දෙකක් සිදු වුණු අවස්ථාවක ඒ සිද්ධිය දෙස උඩින් පල්ලෙන් බලලා ක්ෂණික පිළිතුරු හොයනවාට වඩා, සිද්ධියට පදනම් වුණු පසුබිම්ගත තත්ත්වය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරලා දීර්ඝ කාලීන විසඳුම් හොයන්න ඕනෑ. ඇත්ත වශයෙන් ම කියනවා නම් රටක ‘පර්යේෂණ සහ සංවර්ධනය’ යටතේ සැලකිය යුතු ආයෝජනයක් වෙන්කළ යුතු අංශයක් තමයි මේ සිරකරුවන් පුනරුත්ථාපනය සහ සිර කඳවුරු කළමනාකරණය කිරීම කියන ක්ෂේත්‍රය. එය එසේ සිදුවී නොමැති වීම කණගාටුවට කාරණයක්. ඉන්දියාව බඳු අපේ රටට ඉතා සමීප අත්දැකීම් සහිත රටවල මෙවැනි ගැඹුරු පර්යේෂණ සහ සංවර්ධන විමර්ශන කර තිබෙනවා. ඒවායේ නිර්දේශ අපට නියමු ව්‍යාපෘති සඳහා යොදා ගත හැකි යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න