විසිඑක්වන සියවසේ සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග මිනිස් චින්තනය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතී. එවැනි යුගයක, හුදෙක් විශ්වවිද්‍යාල කාමරවලට පමණක් සීමා වී තිබූ දර්ශනවාදය (Philosophy) නූතන සමාජයේ සැබෑ ප්‍රශ්න සමග බද්ධ කරමින් ලෝකයේ අවධානය දිනාගත් තරුණ දාර්ශනිකයකු ලෙස ඔලූෆෙමි ඕ. තායිවෝ හැඳින්විය හැකි ය.
දැනට ඇමරිකාවේ ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ (Georgetown University) දර්ශනවාදය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන තායිවෝ: නූතන දේශපාලන ක්‍රමය, සමාජ සාධාරණත්වය සහ දේශගුණික විපර්යාස දෙස නව මානයකින් බැලීමට ලෝකයාට බල කරමින් සිටී.