හිටපු කථානායක කරූ ජයසූරියගේ බාල දියණිය වූ ඉන්දිරා ජයසූරිය, මීට වසර කිහිපයකට පෙර පිළිකා රෝගය හේතුවෙන් ජීවිතයෙන් නික්ම ගියේ නිරෝගී දරු උපතකට පවා මුහුණ දෙමිනි. අද (26) ඉන්දිරා ජීවතුන් අතර සිටියා නම් ඇයට අවුරුදු 50ක් සපිරේ. එමෙන්ම අදවන විට ඇයව සිහිපත් කරමින් ආරම්භ කළ 'ඉන්දිරා පිළිකා භාරය' කෙටි කාලයක් තුළ රටේ පිළිකා රෝගයෙන් පීඩා විඳින අයට සෙවණ දෙන 'සුව අරණක්' බවට පත්ව තිබේ.
මතු දැක්වෙන්නේ තම නික්මගිය ආදරණීය දියණියගේ 50 වන ජන්ම දිනය නිමිති කොට ගෙන කරූ ජයසූරිය තැබූ සංවේදී මතක සටහනයි."