2027 වසර සඳහා ඉදිරිපත් කිරිමට නියමිත අයවැයට දේපළ බද්දක් හඳුන්වා දෙන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට බලකරමින් සිටින්නේ යැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.
2027 වසර සඳහා ඉදිරිපත් කිරිමට නියමිත අයවැයට දේපළ බද්දක් හඳුන්වා දෙන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට බලකරමින් සිටින්නේ යැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.
මැලේසියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී සම්මාන දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සහ රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර ඊයේ (26) පස්වරුවේ දිවයිනට පැමිණියා.
කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය (Reagents) සහ ඖෂධ වර්ග භාවිත කිරීමේ චෝදනාව යටතේ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 23කට එරෙහිව පැවරූ නඩුවලින් රුපියල් ලක්ෂ 57කට අධික මුදලක් දඩ ලෙස නියම කර ඇතැයි ජාතික පාරිභෝගික අධිකාරිය පවසයි.
පසුගිය 21වන දා සවස: කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේ පිහිටි ආයතනයක් විසින් ලොරි රථ තුළ රහසිගතව ගබඩා කර තිබූ කල් ඉකුත් වූ පොහොර වර්ග තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) විශේෂ මෙහෙයුම් ඒකක අංක 01 නිලධාරීන් එක්ව සිදු කළ ඒකාබද්ධ වැටලීමක දී අත්අඩංගුවට ගනු ලැබී ය.
පළාත් සභා මැතිවරණයේ දී සමගි ජනබලවේගයේ බස්නාහිර මහ ඇමැති අපේක්ෂකත්වය නීතිඥ සංගමයේ සභාපතිවරයාට ලබාදීමක් ගැන කරන චෝදනාව මුළුමනින්ම අසත්‍ය යැයි සමගි ජනබලවේගය පවසයි.
පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් මහජනතාව නොමග යැවීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරියට එරෙහිව ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන විසින් ඊයේ පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ ද්වේෂසහගත එකක් බවට විශ්වාස යැයි දිනන දකුණ සාමූහික සදහන් කරයි.
පාත්ෆයින්ඩර් පදනම, කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ඉන්දීය සංස්කෘතික සබඳතා කවුන්සිලය (ICCR) එක්ව "ශ්‍රී ලංකාවේ පාලි භාෂා අධ්‍යයනය ශක්තිමත් කිරීම" මැයෙන් සම්මන්ත්‍රණයක් 2026 ජූලි 24වන දා කොළඹ දී පැවැත්වී ය.
රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහාය ඇතිව, රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ (NOSTROY) ඉහළ මට්ටමේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් 2026 ජූලි 22-25 දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.
පළාත් සභා මැතිවරණයේ දී සමගි ජනබලවේගයේ බස්නාහිර මහ ඇමැති අපේක්ෂකත්වය නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරියට ලබා දීමේ සාකච්ඡාවක් පැවැති බවට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය මුළුමනින් ම අසත්‍ය යැයි ද එය හෙළා දකින්නේ යැයි ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමි ට අපහාසයක් වන අන්දමේ අසත්‍ය, ද්වේෂ සහගත වීඩියෝ, ඡායාරූප සහ ප්‍රකාශ ප්‍රචාරය කිරීම වළක්වමින් යු ටියුබ් නාලිකා ක්‍රියාකාරි සුදත්ත තිලකසිරිට කොන්දේසි සහිත වාරණ අඥාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍යය (24) නිකුත් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
