මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මිය යෑම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනකු නම්කර අධිකරණයට ඉදිරිපත් කළ අතර, එම සැකකරුවන් අගෝස්තු 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා අද (27) නියෝග කළා ය.
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මිය යෑම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනකු නම්කර අධිකරණයට ඉදිරිපත් කළ අතර, එම සැකකරුවන් අගෝස්තු 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා අද (27) නියෝග කළා ය.
හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ෂැංග්‍රිලා හෝටලය සඳහා විකිණීමේ ක්‍රියාවලියේ දී ඇමරිකානු ඩොලර් මිලියන 5ක (රුපියල් කෝටි 100ක) අල්ලස් මුදලක් ලබා ගත් බවට සිදු කරන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා දීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන ඊයේ (27) ඊයේ පෙරවරුවේ කොමිසම කළ දැනුම් දීමකට එහි පැමිණි ඔහු පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් දී ඉන් පිටව ගොස් ඇත.
තරග පාවාදීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ සම හිමිකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් කරන ලද ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් ඊයේ (27) ප්‍රතික්ෂේප කරන ලදී.
තමන් පොලිස් නිලධාරියකු බව හඟවමින් වාහනය සහ විදේශ ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා චීන ජාතිකයකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර, චීන ජාතිකයා ඇතුළු සැකකරුවන් පස් දෙනා ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (27) නියෝග කළේය.
අරගල ක්‍රියාකාරී රොෂාන් අලි දානිස්ට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද නියෝග කළා.
අප රටේ සෑම දේශපාලන පක්ෂයක් ම රජය ද අදටත් මේ වතුකරයේ ජනතාව වතු කම්කරුවන් ලෙස හැඳින්වුව ද මේ ජනතාව මෙරට ඉඩම් හිමිකම සහිත වතු ව්‍යවසායකයන් ලෙස බලමුළු ගන්වන බව විපක්ෂ නායකවරයා පැවසීය.
“සුපිළිපන් සතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරන සුපිළිපන් සතිය මෙම මස 27 වන දින සිට 31 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර, ඒ වෙනුවෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී අද (27) පැවැත්විණි.
ලංකාවෙ එතෙක් මෙතෙක් නිර්මාණය වුණු සුවිශේෂම සිනමා කෘතිය තාම නැරඹුවේ නැද්ද?
මේ කෘතිය කාරණා කීපයක් නිසා සුවිශේෂ වෙනවා. එකක්, ලංකාවෙ අබිසරුලියන් ගැන හැදුණු ප්‍රථම චිත්‍රපටිය වෙන්නෙ මේක. නීතිය සමාජය විසින් අපවාදයට අපහරණයට බඳුන් කරන ඒ කාන්තාවන් ගැන නිර්මාණය වුණු පළමු සිනමා කෘතිය කියලා කියන්න පුළුවන්.
අනික, I Phone 15 pro කැමරාවකින් රූගත කරලා සිනමා ශාලාවකට එන පළමු චිත්‍රපටියත් මේක. ඒ කියන්නෙ ලංකාවෙ සිනමාව ගැන උනන්දු සෑම කෙනෙක් ම අනිවාර්යෙන් නැරඹිය යුතු චිත්‍රපටියක් මේක. සිනමාව පුනරුදය ලබනවා කියන්නෙ ම: උපකරණ පෑන් පැන්සල් ගානට සුලබ වෙන්න ඕන.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පොලීසිය සිදු කරන විමර්ශනවල ඇතැම් කරුණු පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
බැංකු කාඩ්පත් (Credit/Debit Cards) හෝ මාර්ගගත (Online) ක්‍රමවේද ඔස්සේ ගෙවීම් සිදු කිරීමේ දී ඇතැම් වෙළඳ ආයතන 2.5%ක හෝ 3%ක අමතර ගාස්තුවක් අය කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
