මාලිමා ආණ්ඩුවට මන්ත්‍රීවරු 159ක ජනාධිපතිවරයා ගේ බලතල දරා ගැනීමට නොහැකිව උම්මත්තකයින් ලෙස හැසිරෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.
මාලිමා ආණ්ඩුවට මන්ත්‍රීවරු 159ක ජනාධිපතිවරයා ගේ බලතල දරා ගැනීමට නොහැකිව උම්මත්තකයින් ලෙස හැසිරෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.
වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතියේ සංවර්ධන කටයුතු සහ නව නළ පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රගතිය සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
දෙහිවල ප්‍රදේශයේ ආපනශාලාවකට ගොස් කලහකාරී ලෙස හැසිරී එහි සේවකයකුට පහර දී එම ආපනශාලාවට රුපියල් 19,500ක අනර්ථයක් සිදු කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරුවන් වූ පොලිස් සැරයන්වරු දෙදෙනකුට කොළඹ මහාධිකරණය විසින් වසර 09 බැගින් සිරදඬුවම් නියම කරන ලදී.
නව යුද හමුදාපතිවරයා ලෙස යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කර ඇත.
අපරාධකරුවන් සමග සබඳතා පවත්වමින් නීතිවිරෝධී ආකාරයෙන් බැංකු ගිණුම්වල මුදල් ගිණුම්ගත කර, එම මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව මත අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් වැඩ තහනම් කරන ලද උපපොලිස් පරීක්ෂකවරයෙකු ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (30) නියෝග කළා.
ශ්‍රී ලංකාවේ දැවැන්තම ව්‍යාපෘතියක් වන ඩොලර් බිලියන හතරක් වූ නව ඛනිජ තෙල් පිරිපහදුව සඳහා වූ අභිලාෂ කැඳවීම මේ දිනවල කරළියට පැමිණ තිබේ.
මේ සඳහා ආයෝජකයන් වෙත අභිලාෂ ප්‍රකාශ කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලෝකයේ දැවැන්ත සමාගම් වෙත ඇරයුම් කර ඇතත්, එහි ඇතුළාන්තයේ ගැබ්ව ඇත්තේ මේ සඳහා ඉල්ලුම් නොකරන තත්ත්වයකට ලෝකයේ ප්‍රබල සමාගම් පත් කිරීම ය. එය සෘජුවම ආයෝජන අකර්මණ්‍ය කිරීමකි. ඒ සඳහා පැමිණෙන ආයෝජකයෝ, ඩොලර් බිලියන එකක බැඳුම්කරයක් සහ පිරිපහදුවෙන් ලැබෙන ශුද්ධ ලාභයෙන් 20%ක් තෙල් සංස්ථාව වෙත ලබා දිය යුතු බවට කොන්දේසි පැනවිය යුතු යැයි තෙල් සංස්ථාවේ ප්‍රධානීන් ගේ රහස් සාකච්ඡාවකින් හෙළිදරව් වූ බව ‘යුක්තිය උදෙසා අයිතිය’ සංවිධානය පවසයි.
අයථා ලෙස උපයා ගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් එන්. ආර්. කනසල්ටන්සි සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 29වනදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (30)නියෝග කළා.
පසුගිය 25වන දා: කොළඹ 7, ලක්ෂ්මන් කදිරගාමර් ආයතන පරිශ්‍රයේ දී රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමිපාණන් ගේ මූලාසනයෙන් පැවැති මේ උලෙළේ දී 2024 වසරට අදාළ ව 'කුමාරතුංග මුනිදාස සිසුවරම' අනුස්මරණ ශිෂ්‍යත්ව ප්රදානය අතිඋත්කර්ෂවත් ලෙස සිදු කළේ ය.
කිවියර, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
වසර එක හමාරක සිර දඬුවමින් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බදුල්ල මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
