සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන පසුගිය (08) දිස්ත්‍රික්ක 14 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72 කින් ආරම්භ විය. මෙම තෙදින ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ අවසන් දිනය අද (10) යි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන පසුගිය (08) දිස්ත්‍රික්ක 14 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72 කින් ආරම්භ විය. මෙම තෙදින ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ අවසන් දිනය අද (10) යි.
මේ වන විට ශ්‍රී ලංකාවේ හමු වූ දෙවෙනි විශාලතම සමූහ සුසානයේ හැත්තෑ හතර වැනි දිනයේ සිදු කළ කැණීම්වලින් ගොඩ ගත් මිනිස් සිරුරු නමය අතුරින් අටක් ම දරුවන්ගේ ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (Prevention of Terrorism Act - PTA) 9(ආ)(1) වගන්තිය අනුව, 1994 අංක 22 දරන වධහිංසා සහ අනෙකුත් කුරිරු, අමානුෂික හෝ අවමාන සහගත සැලකීම් හෝ දඬුවම් වැළැක්වීමේ සම්මුති පනත මඟින් ලබාදී ඇති ආරක්ෂාව ඔ්නෑම සැකකරුට හිමිවන බව තහවුරු කිරීම මහේස්ත්‍රාත්වරයා ගේ වගකීමක් යයි ඒක්සත් ජාතික පක්ෂය නිකුත් කල නිවේදනයක සඳහන් වේ.
මඩකළපුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ එහි දී මතුව ඇති ගැටලු පිළිබඳවත්, දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ වගා බිම් සහ නිවාස සඳහා වන්දි ගෙවීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයට අදාළ වැඩසටහන්වල ප්‍රගතිය සොයා බැලීමත් වෙනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඊයේ (20) මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී විය.
මතුවන විවිධ අභියෝග ජය ගනිමින් දිට්වා ව්‍යසනයෙන් විපතට පත් ජනයා යළි පදිංචි කිරීමේ කාර්යය කඩිනම් කිරීමට එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහනුවර දිස්ත්‍රික්කයේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.
සාහිත්‍ය සූරි, අධිනීතීඥ ඩබ්ලිව්. ඒ. අබේසිංහ විසින් රචිත “කුමාර හෙට්ටිආරච්චි: මානවවාදී කවියකු සමඟ සාංසාරික චාරිකාවක්” නමැති කෘතිය කේන්ද්‍ර කරගත් විශේෂ සහෘද සාහිත්‍ය සම්භාෂණයක් මැයි 26වන දා සවස 03.00 කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
soba පුවත්
2026 මැයි මස 01 වන දින ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මාලිමා රජය මහරගම පවත්වන ලද මැයි රැළියේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක, දැනට අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් පෙර දින විභාගය පවත්වා ඇති බවත්, එම නඩුවේ තීන්දුව මැයි මස 25 වන දින ලබා දීමට නියමිත බවත් ප්‍රකාශ කරමින්, උණුසුම් අත්පොළසන් දෙමින් එම තීන්දුව පිළිගැනීමට සූදානම් වන ලෙස ඔහු එහි පැමිණ සිටි සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටි බවත්, එම ක්‍රියාව අධිකරණයේ ස්වාධීනත්වයට අදාළ ඉතා බරපතළ තර්ජනයක් යැයි සඳහන් කරමින් ඒකාබද්ධ විපක්ෂය අගවිනිසුරුවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
බෙලරුස් ජනරජයේ විදේශ අමාත්‍ය මැක්සිම් රයිෂෙන්කොව් ගේ ආරාධනය පරිදි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, 2026 මැයි 12වන දින සිට 15වන දින දක්වා බෙලරුස්හි නිල සංචාරයක නිරත වේ.
පසුගිය වසරේ දී, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 25 වැනි සංවත්සරය සැමරීමත් සමග මෙම සංචාරය, ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයේ විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.
soba පුවත්
ශාන්ත කේ. හේරත්, සුදත් අබේසේකර සහ සම්පත් කරුණාසේන එක්ව පවත්වන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය එළඹෙන 16වන දින ප. ව. 05.00ට කොළඹ 07 හෝටන් පාරෙහි පිහිටි ජේ. ඩී. ඒ. කලාගාරයේ දී ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයේ උපදේශිකා JI Lili ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.
තමලු "නලින් ද සිල්වා මහතා කළේ කුමක් ද?" මැයෙන් වැදගත් මැදිහත්වීමක් කර තිබිණි. එහි ප්‍රශ්න කළ යුතු, සංවාදයට බඳුන් කළ යුතු මූලික අදහස් තුනකි.
පළමු වැන්න කුමාරතුංග මුනිදාසයන් ගේ කාර්යසාධනය සම්බන්ධයෙනි. දෙ වැන්න නලින් ද සිල්වා ඇදුරුතුමා නිර්මාණය කළ දැනුම කුමක් සම්බන්ධ ව ද යන්න පිළිබඳ ව ය. ඒ කරුණු අපි සාකච්ඡා කළෙමු.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
