‘‘දැනට මෙරට භාවිත වාහන ප්‍රමාණයෙන් විද්‍යුත් වාහන ප්‍රතිශතය සියයට එකයි. ඒක යම් ප්‍රමාණයකින් වැඩිකරලා ඒවා ආරෝපනය කරන්න පුනර්ජනනීය බලශක්තිය භාවිත කරන්න හැකි නම් පොසිල ඉන්ධන සඳහා වියදම් වන රුපියල් බිලියන ගණනක් ඉතිරි කරන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ පුනර්නනීය බලශක්ති විභවතාව ඉහළින්ම ප්‍රයෝජනයට ගන්නත් අවසානයේ දී ආර්ථිකයට ඉහළ දායකත්වයත් ලබාදෙන්නත් පුලුවන්” යැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කර සිටියේ ය.

