ඉන්දියානු සමාගමකට ගිනෙස් වාර්තාවක් ලබාදෙන්නට ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මෙරට අහිංසක දෙමාපියන්ගෙන් විශාල මුදලක් වංචා කර ඇතැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.
ඉන්දියානු සමාගමකට ගිනෙස් වාර්තාවක් ලබාදෙන්නට ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මෙරට අහිංසක දෙමාපියන්ගෙන් විශාල මුදලක් වංචා කර ඇතැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.
කෙරවලපිටිය - සොබාදනවි ඒකාබද්ධ චක්‍ර විදුලි බලාගාරය ප්‍රථම වරට ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කර සාර්ථක වසරක් සපිරීම, ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගියදා (ජූනි 23) සැමරිණි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා ජුලි 3 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂ හා හොරණ සමගි ජන බලවේගයේ සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාතික ජන බලවේග ආණ්ඩුව තමන්ගේ රතු සන්නාමය පෙන්නවා, කම්කරුවන් ගේ ඇස් බැඳ, එදා රාජපක්ෂලාට කරගන්න බැරි වුණ වැඩේ කරන්න සූදානම් වනවා යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.
ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා (පා.ම) විසින් "සමාජ මාධ්‍ය අවම වයස් පනත් කෙටුම්පත" (Social Media Minimum Age Bill) අද දින පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාර දෙන ලදී. දරුවන් සමාජ මාධ්‍ය වේදිකා වෙත පිවිසීම පාලනය කිරීම සහ හානිකර අන්තර්ජාල අන්තර්ගතවලින් ඔවුන්ව ආරක්ෂා කිරීම මෙම පනතේ මූලික පරමාර්ථය යි.
රජයේ ඖෂධවේදී වෘත්තිකයින්ගේ වෘත්තීය ගැටලු කිහිපයක් සඳහා විසදුම් ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ විධායක සභාවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක ගේ පුද්ගලික ලේකම්වරිය ගේ ඡායාරූප වට්ස්ඇප් හරහා වෙනත් පාර්ශවයක් වෙත යොමු කළ බව කියන සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර ලබන අගෝස්තු මස 5 වනදා අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද අපරාධ කොට්ඨාසය ට නියෝග කළා.
වත්මන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අහෝසි කර, සියලු පාර්ශවවල සහභාගිත්වයෙන් නව නීතියක් සම්පාදනය කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් ඉදිරිපත් කරන ලද ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද අහෝසිකිරීමේ පනත් කෙටුම්පත’ (Online Safety repeal Bill) දෙවන වර කියවීම අද පස්වරු 5:11 ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වීණි. එම යෝජනාව පාර්ලිමෙන්තුවට ඉදිරපත් කරන ලද්දේ සභානායක බිමල් රත්නායක විසිනි.
ක්ලීන් ශ්‍රී ලංකා කොච්චර ක්ලීන්ද යැයි පවසන්නේ නම් ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ මේ වසරේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
