ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඩ් ආයතනය මහබැංකුවේ මුදල් මණ්ඩලය ලබා දී තිබූ උපදෙස් නොතකමින් වසර 2012 වනවිට තැන්පත්කරුවන්ගේ මුදල් රුපියල් බිලියන 7.2ක් නීති විරෝධී ලෙස ලබාගෙන ඇති බව කියන සිද්ධියේ සැකකරුවෙක් ලෙස ඇප මත මුදා හැර ඇති එහි හිටපු අධ්යක්ෂ ජීවක හේමාල් එදිරිසිංහ යන අය දැඩි ඇප කොන්දේසි මත ශල්‍යකර්මයක් සඳහා විදේශ ගත වීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද අවසර ලබා දුන්නේය.

