ක්රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්රීඩකයා ලෙසින් සැලකෙන ශ්රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් (ගාෆීල්ඩ් සෙන්ට් ඔබ්රන් සෝබර්ස්) වසර 89ක් ආයු වළඳා 2026 ජූලි 17 වැනිදා අභාවප්රාප්ත විය. බාබඩෝස් හි ශාන්ත මයිකල් කලාපයට අයත් හයිගේට් ගාඩ්න්ස් හි පිහිටි සිය නිවසේ දී ඔහු සාමකාමීව අවසන් හුස්ම හෙළා ඇත.

