පුළුල් පරාසයක විහිදී ඇති සාහිත්‍යය හුදෙක් පොත් ප්‍රදර්ශනයකට පමණක් සීමා නොකිරීම අගය කළ යුතු යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසී ය.
පුළුල් පරාසයක විහිදී ඇති සාහිත්‍යය හුදෙක් පොත් ප්‍රදර්ශනයකට පමණක් සීමා නොකිරීම අගය කළ යුතු යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසී ය.
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, සිය බිරිඳ විසින් සිදු කරනු ලබන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත.
රුපියල් කෝටි 2500ක් පමණ වටිනා බවට සැලකෙන රන් ආලේපිත පෞරාණික හනුමන්තා පිළිමයක් විකිණීමට තැත් කළ බවට සැකපිට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් ලබන අගෝස්තු මස පස්වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රසන්න අමරසේන නියෝග කර ඇත.
"නව නේවාසිකාගාර ලබා දෙනු" විරෝධතාව ජූලි 25
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඉහත විරෝධතාවය සැලසුම් කර ඇති අතර, මේ සඳහා හාස්‍යජනක නිධාන කතාවක් ඇත
'අපිට කෝටි ගනනක මුදල් තිබෙනවා යැයි ජනාධිපති පැවසුව ද තමන් ගෙවන බද්දට සරිලන ආයෝජනයක් රටෙහි සිදු නොවන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.
ශ්‍රී ලාංකීය කලා සංස්කෘතික ක්ෂේත්රය ජාත්‍යන්තර තලයට ඔසවා තබන "කොළඹ සාහිත්‍ය උළෙල 2026" (Colombo Literary Festival 2026) ශ්‍රී ලාංකීය පාඨකයන්, ලේඛකයන් මෙන්ම සමස්ත කලා ලෝලීන්ටම නවමු බුද්ධිමය සහ සංස්කෘතික අත්දැකීමක් ලබා දීමට මෙන්ම, මෙරට සංස්කෘතික ඉතිහාසයේ සුවිශේෂ සලකුණක් තැබීමට ද නිසැකව ම ඉවහල් වනු ඇත.
තානාපති කාර්යාල ගොඩනැඟිල්ලක් මිලදී ගැනීමේ දී රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව අධිකරණයේ පෙනී නොසිටි ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් අද (22) වරෙන්තු නිකුත් කළේ ය.
2009 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජීවත් වූ තරුණයන් 11 දෙනෙක් අතුරුදන් වීමේ සිද්ධියේ සැකකරුවෙක් වන නාවික නිලධාරී චන්දන ප්‍රසාද හෙට්ටිආරච්චි යන අයට සැඟවී විදේශගත වීමට ආධාර අනුබල දීම, තොරතුරු සැපයීම පැහැර හැරීම, විමර්ශන නිලධාරීන් ට බාධා කිරීම සහ දෙවන සැකකරුට තර්ජනය කිරීම යන චෝදනා ගොනු කළ හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජයගුණරත්න දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 22 නියෝග කළේය.
අනුරාධපුරයේ බාලවයස්කාර දැරියක් බරපතළ ලෙස අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ගේ සංසදය පැවැත්වූ රැස්වීමක් වාර්තා කිරීමේ සිද්ධියක් මුල්කරගෙන බී.බී.සී. සිංහල සේවයේ සංස්කාරකවරිය හා මාධ්‍යවේදීන් කිහිපදෙනකු ජූලි 23 වැනිදා පස්වරු 2.00ට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තාවේ.
අල්ලස් නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කිරීම කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ගේ දියණියට එරෙහි පවරා ඇති නඩුව ඔක්තෝබර් 27 යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (21) නියෝග කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
