එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා හමුවේ!

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා හමුවේ!

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත මාර්ක් ඇන්ඩෘ ෆ්‍රෙන්ච් (Marc-André Franche, UN Resident Coordinator) ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති අතර හමුවක් ඊයේ (07) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී  පැවැත්විණ.

unci1

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව මෙහි දී විශේෂ අවධානය යොමු විය. 

එල්නිනෝ තත්ත්වය තුළ ඉදිරියේ දී ඇති විය හැකි අපදාවලට මුහුණ දීම සඳහා වූ රජයේ වැඩිපිළිවෙළ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළේ ය. ඒ සඳහා රජයේ සූදානම සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී විසින් පැහැදිලි කරනු ලැබිණ. එම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෙස රජයට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බව ද මාර්ක් ඇන්ඩෘ එහිදී සඳහන් කළේ ය.

unci2

මෙම සාකච්ඡාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හවුල්කාරිත්ව සහ සංවර්ධන මූල්‍ය විශේෂඥ අසාම් බාකීර් මාකර් (Azam Bakeer Markar, Partnerships & Dev Finance Specialist) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ මානුෂීය සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ නිලධාරිනී වගීෂා පෙරේරා යන අය ද එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න