ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට විදෙස් ගමන් තහනමක්!

ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට විදෙස් ගමන් තහනමක්!

මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා නිදහස් කෙරුණු හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම විදෙස් ගමන් තහනම ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් නියෝග කළේ ය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන විනිසුරුරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව ඊයේ (04) කැඳවී ය.

එහි දී විනිසුරු මඩුල්ල නියෝග කළේ, ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට ඔක්තෝම්බර් මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටි ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසයි.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ දේශපාලන රැස්වීමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම තුළින් පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ප්‍රේමලාල් ජයසේකරට රත්නපුර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළේ ය. එම මරණීය දණ්ඩනයට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ අභියාචනාධිකරණය ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට නියම කර තිබුණි.

අභියාචනාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව එය බල රහිත කර දඩූවම් පැමිණවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා එම සිද්ධියෙන් අගතියට පත්වූවන් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

එහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර කළ ඉල්ලීමක් සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කරන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න