සුරේෂ් සලේ තවත් දින 90ක් රඳවා තැබීමට නියෝග; පෙර දින 90න් 78ක් ම රෝහලේ

සුරේෂ් සලේ තවත් දින 90ක් රඳවා තැබීමට නියෝග; පෙර දින 90න් 78ක් ම රෝහලේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අනුග්‍රහය දක්වමින් කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කර ඇතැයි විමර්ශනවලට ලක්ව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ තවත් දින 90ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට නියෝග කර ඇත.

එහි දී ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සැලකිල්ලට ගෙන ඇති ප්‍රධාන කාරණයක් වන්නේ සුරේෂ් සලේ රැදවුම් නියෝග භාරයේ සිටි දින 90න් 78ක්ම රෝහල්ගතව සිටීම ය.

ජනාධිපතිවරයා විසින් මීට පෙර ලබා දුන් රැඳවුම් නියෝගයේ කාර්යසාධනය පිළිබද වාර්තාවක් ඉල්ලා ඇති අතර, එහි දී වාර්තාවක් ලබාදෙමින් සුරේෂ් සලේ එම කාලය තුළ වැඩි දින ගණනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ නොසිටි බවත් කොළඹ ජාතික රෝහලේ සිටි බවත් දැනුම් දී ඇත. ඒ අනුව විමර්ශන කටයුතු සාධනීය ලෙස සිදු කිරීමට නොහැකි වූ නිසා නැවත රැදවුම් නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන අවස්ථා දෙකක දී දින 90ක කාලයක් රඳවා තැබීම සදහා නියෝග නිකුත් කර තිබුණි. සුරේෂ් සලේ දින 90 රැඳවුම් නියෝගය යටතේ තබා නොගන්නා ලෙසත්, ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඉල්ලා ඔහුගේ බිරිඳ මනෝරි සලේ ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කර තිබුණි.

මේ වන විට සලේ රඳවා තබා ගැනීමට එරෙහිව අභියාචනාධිකරණය ඉදිරියේ සුරේෂ් සලේ විසින් ගොනු කරන ලද රිට් පෙත්සමක් ද විභාග වෙමින් පවති.

මූලාශ්‍ර - whatnews.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න