විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් 74ක් මෙරටට ගෙන ඒමට සැලසුම්

විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් 74ක් මෙරටට ගෙන ඒමට සැලසුම්

දැඩි අපරාධ වලට සම්බන්ධව විදෙස් ගත සැගවී සිටින රතු අපරාධකරුවන් හැත්තෑ හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වීමට නියමිත බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ පසුගිය 15වන දා ඇසළ පෙරහර මංගල්‍යයේ ආරක්ෂක කටයුතු පිළිබඳව සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශ්ව වල මහානායක හිමියන් දැනුවත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එමෙන්ම තවත් සියයක පමණ සැකකරුවන් පිරිසක් විදෙස්ගතව සැඟව සිටින බවට විශ්වාස කරන බව ද, ඉතාමත්ම ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා, සිදු කරන විමර්ශනවල විනිවිද භාවය සහ ඉටු කරගන්නා ලද ප්‍රගතිය අනුව මෙම කටයුතු ඉතාමත්ම කෙටි කාලයක් තුළදී සිදු කළ හැකි යැයි ද ඔහු පැවසුවේ ය.

මල්වතු මහා විහාරයට පැමිණි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදක  ආශිර්වාද ලබා ආරක්ෂක කටයුතු පිළිබඳව සාකච්ඡාවෙහි නිරත විය.  අස්ගිරි මහා විහාරයට පැමිණි පොලිස්පතිවරයා එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වර්කාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක සාකච්ඡාවක නිරත විය.

මෙවර ඇසළ පෙරහැර මංගල්‍යෙය්දී සැලසුම් සහගතව වැඩි නිලධාරීන් පිරිසක් යොදවා ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ආරක්ෂාක අංශවල සහයෝගය මත උපරිම ආරක්ෂාවක් ලබා දෙන බවත්, ඉකුත් වසර වලට වඩා මෙම වර්ෂයේදී වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් ඇසළ පෙරහැර රාජකාරිය සඳහා යොදවන බවත්, විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි එම නිලධාරීන් රාජකාරියෙහි නිරත වන බවත් පොලිස්පතිවරයා අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශය සිදු කරන මත්ද්‍රව්‍ය මෙහෙයුම ඉතාමත්ම සාර්ථක බවට විදෙස් තානාපති කාර්යාලවලින් පැසසුම් ලැබී ඇතැයි කී පොලිස්පතිවරයා එම කාර්යාලවල සහයෝගය ද ලබාගෙන සැකකරුවන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට පියවර ගන්නා බව පැවසී ය.

ශ්‍රී ලංකා පොලිසියේ උසස් වීම් සහ නව බඳවා ගැනීම් සිදුකරන බවත් ඉදිරි සැප්තැම්බර් මස 03  වන දින වන  විට ජ්‍යෙෂ්ඨතාවය මත පොලිස් නිලධාරීන් 1500 දෙනෙකුට උසස්වීම් හිමිවන බව පැවසුවේය. කුසලතාවය සහ තරගකාරී විභාගය මත උසස් වීම් ලබාදීම ඉදිරියේදී සිදු කරන බවත් ඊට අමතරව නවක බදවා ගැනීම් 10 000ක්  සඳහා අනුමැතිය හිමිවී ඇති බවද පොලිස්පති ම ප්‍රියන්ත වීරසූරිය මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ ද මෙම අවස්ථාවට එක්වූහ.

නදීක දයා බණ්ඩාර - මහනුවර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න