ව්‍යාපාර කටයුතු සඳහා බව පවසමින් මුදල් ලබා ගෙන වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි තිළිණි ප්‍රියමාලිට අද (01) යළි වරෙන්තු නිකුත් කළේ ය.
තිළිණි ප්‍රිය මාලි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ නඩුවක් කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ ය.

