නියෝජ්‍ය අමාත්‍යවරයකු ගේ මූල්‍ය වංචාවක් පිළිබඳව පෙරටුගාමීහු අල්ලස් කොමිසමට පැමිණිලි කරයි

නියෝජ්‍ය අමාත්‍යවරයකු ගේ මූල්‍ය වංචාවක් පිළිබඳව පෙරටුගාමීහු අල්ලස් කොමිසමට පැමිණිලි කරයි

ඉන්දියානු සමාගමකට ගිනෙස් වාර්තාවක් ලබාදෙන්නට ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මෙරට අහිංසක දෙමාපියන්ගෙන් විශාල මුදලක් වංචා කර ඇතැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ගිනෙස් වාර්තාවක් සඳහා රජයේ නොවන පෞද්ගලික සමාගමකට රාජ්‍ය අනුග්‍රහය සැපයීම සහ පවුල් පන්දහකින් පමණ රුපියල් 5000 බැගින් වූ විශාල මුදල් ප්‍රමාණයක් එකතුකිරීම ආදී චෝදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් ජන අරගල සන්ධානය අද (26) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

WhatsApp Image 2026 06 26 at 3.53.01 PM 1

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව...

මේක පැහැදිලිවම මූල්‍ය වංචාවක්

"ජුනි 14 වෙනිදා ලෝකයේ වැඩිම ශිෂ්‍යන් පිරිසක් සහභාගී වුණ භරත නාට්‍ය වැඩමුළුව ලංකාවේ පැවත්වුවා කියලා ආණ්ඩුව ලොකු ප්‍රචාරයක් අරගෙන ගියා. මෙතනදි ලෝකයේ වැඩිම පිරිසක් සහභාගී වුණු භරත නාට්‍ය වැඩසටහනට හිමි ගිනෙස් වාර්තාව ලංකාවට ලැබුණා කියලා තමයි කිව්වේ. මේ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් තමයි මේකෙ ප්‍රධානත්වය අරගෙන තිබුණේ. ඊට අමතරව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ඇතුළු රජයේ ප්‍රභලයින් කිහිපදෙනෙක් ම මේ වැඩේට ඇවිත් හිටියා. මේ වැඩසටහන පැවැත්වුණේ රාජ්‍ය අනුග්‍රහය සහිතව. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සිදුවීමට අදාළ ගිනෙස් සහතිකයේ ලංකාවේ හෝ ලංකාවේ කිසිඳු රාජ්‍ය ආයතනයක හෝ ලංකාවේ පුද්ගලයෙක් ගෙ නමක් නැහැ. මේ ගිනෙස් සහතිකයේ අයිතිය ලැබිලා තියෙන්නේ සංගමන් ග්ලෝබල් ඇකඩමි කියන ඉන්දියානු සමාගමට සහ ලංකාවේ තියන ඒ සමාගමේ ශාඛාවකට. නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් කොහොමද පෞදගලික ආයතනයක කටයුත්තකට රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ? කියන එක තමයි අපේ පළවෙනි ප්‍රශ්නය. අනිත් කාරණය තමයි මේ වැඩසටහනට ශිෂ්‍යයන් 5000ක් පමණ සහභාගි වුණා. ඒ අයගේ පවුල්වලින් රුපියල් 5000 බැගින් විශාල මුදලක් මෙතනදි එකතුකරලා  තියනවා. ඊට අමතරව දැන් නැවත මේ ළමයින් ගෙන් ලෝගෝ එකකට කියලා රුපියල් 3450ක්, සහතිකයට සහ 2350ක් බැගින් එකතු කරන්න යනවා. මේක පැහැදිලිවම මූල්‍ය වංචාවක්.

සමහර පවුල් රුපියල් 30,000ක් පමණ වැය කරලා

මේ අම්මලා තාත්තලා දුෂ්කර ප්‍රදේශවල ඉඳන් තමන්ගේ ළමයා කොළඹ අරගෙන එන්න ඇවිත් මේ දවස් කිහිපයේ කොළඹ නවතින්න ආදී වශයෙන් විශාල මුදලක් වැය කරලා තියනවා. සමහර පවුල්වලට රුපියල් 30,000ක් විතර මේ වැඩේ වෙනුවෙන් වියදම් වෙලා තියනවා. හැබැයි අන්තිමට මේ ඔක්කොම කරලා තියෙන්නේ ඉන්දියානු සමාගමකට ගිනෙස් වාර්තාවක් ලබාදෙන්න. අපි අද මේකට සම්බන්ධ වුණු නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ වැඩසටහනට රාජ්‍ය අනුග්‍රහය ලබාදුන්නේ කවර පදනමකින්ද සහ මේ අහිංසක දෙමාපියන්ගෙන් එකතුකරපු අතිවිශාල මුදල් ප්‍රමාණයට මොකද වුණේ කියලා රටට හෙළිදරව් කළ යුතුයි. අපි හිතනවා අනිත් පැමිණිලි වගේම කඩිනමින් අල්ලස් කොමිසම මේ සම්බන්ධයෙනුත් මැදිහත් වෙලා වගකිව යුත්තන් අධිකරණයට ගෙනියයි කියලා. "

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න