රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂ හා හොරණ සමගි ජන බලවේගයේ සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් 'හරක් කටා' ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රඳවා ගැනීමේ නියෝගවලින් ඉවත් කර වෙනම බන්ධනාගාරයකට යොමු කිරීමේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට අල්ලස් දී ඔහුව සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 1,200 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන චෝදනාවක් සම්බන්ධයෙනි.

මේ අතර හිටපු ගුවන්තොටුපළ හා ගුවන්සේවා අධ්‍යක්ෂ අරුණ වරුෂවිතානද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න