විදේශ අමාත්‍යංශය ආර්ථික රාජ්‍යතාන්ත්‍රික හවුල්කාරිත්ව ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතා ප්‍රවර්ධන සුහද හමුවක්

විදේශ අමාත්‍යංශය ආර්ථික රාජ්‍යතාන්ත්‍රික හවුල්කාරිත්ව ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතා ප්‍රවර්ධන සුහද හමුවක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය, එහි ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන යටතේ, 2026 ජුනි 08වන දා ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ දී: විදේශ රාජ්‍යතාන්ත්‍රිකයින්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, වාණිජ මණ්ඩල නියෝජිතයින් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් සඳහා සහයෝගීතා ප්‍රවර්ධන සුහද හමුවක් පැවැත්වී ය.

 

විදේශ ප්‍රතිපත්තිය සහ දේශීය සංවර්ධන ප්‍රමුඛතා අතර පාලමක්

image 4 q

මෙම උත්සවයේ දී අදහස් දක්වමින්, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, වඩාත් ඵලදායී ආර්ථික රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, රජයේ ආයතන සහ ව්‍යාපාරික ප්‍රජාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. ආර්ථික සහයෝගීතාවය සඳහා පහසුකම් සපයන්නෙකු, ප්‍රවර්ධනය කරන්නෙකු සහ සක්‍රීය කරන්නෙකු ලෙස විදේශ අමාත්‍යාංශයේ කාර්යභාරය අවධාරණය කරමින්, ඵලදායී හවුල්කාරිත්ව වර්ධනය කිරීමට සහ ගුණාත්මක ආයෝජන සහ වෙළෙඳ අවස්ථා සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට අමාත්‍යාංශයේ කැපවීම ඔහු නැවත තහවුරු කළේය. හොඳින් සැලසුම් කළ ආර්ථික රාජ්‍යතාන්ත්‍රික මුලපිරීම්, විදේශ ප්‍රතිපත්තිය සහ දේශීය සංවර්ධන ප්‍රමුඛතා අතර පාලමක් ලෙස ක්‍රියා කරන බවත්, ජාත්‍යන්තර මැදිහත්වීම තුලින් රටට පැහැදිලිව අත්විඳිය හැකි ආර්ථික ප්‍රතිලාභ ලබා දීමේ හැකියාව පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ අද්විතීය වටිනාකම

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සිය අදහස් දැක්වීමේ දී: විවිධ ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාව සතු ශක්තිමත් හැකියා අවධාරණය කළ අතර: වෙළෙඳාම, ආයෝජන සහ ආර්ථික හවුල්කාරිත්වය සඳහා ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ අද්විතීය වටිනාකම අවධාරණය කළේය.

img2 q

 

වැඩසටහනේ නිල කටයුතු වලින් අනතුරුව, අදහස් හුවමාරු කර ගැනීමට, හවුල්කාරිත්ව ගවේෂණය කිරීමට සහ සහභාගිවන්නන් අතර වෘත්තීය සහ ආයතනික සබඳතා ශක්තිමත් කිරීමට අවස්ථාව සලසමින්, අන්තර්ක්‍රියාකාරී සුහද හමුවක් පැවැත්විණි.

 

img 5 q

 

ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකත්වයේ වර්ධනය වන වැදගත්කම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රයට සහාය වීම අරමුණු කරගත් සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පාර්ශවකරුවන් ගේ  හවුල් කැපවීම පිළිබිඹු කරමින්, රජය, ව්‍යාපාරික සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවන් නියෝජනය කරමින් නියෝජිතයෝ 100ක් පමණ මෙම අවස්ථාවට සහභාගී වූහ.

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න